අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 1.5ක් වටිනා ණයකර නිකුතුව අද (24) මිලදී ගැනීම සඳහා විවෘත කරන බව පවසයි. ලැයිස්තුගත, වර්ග කෙරුණු, ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස සිදු කිරීමට යෝජනා වී තිබූ මේ සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය පසුගියදා හිමිව තිබේ.
මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 10ක් නිකුත් කරන අතර, ඊට හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 5ක් නිකුත් කෙරේ. කොටසක් රුපියල් 100ක් බැගින් නිකුතුවෙහි සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 1.5 කි. Type A සහ Type B ලෙස කාණ්ඩ දෙකක් යටතේ නිකුත් කරන ණයකර සඳහා පිළිවෙළින් වාර්ෂිකව ලබා දෙන සියයට 12.50ක ස්ථාවර පොලියක් සහ අර්ධ වාර්ෂිකව ලබා AWPLR + 2% ක පාවෙන පොලී අනුපාතයක් හිමි වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd