ර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB), ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය (SED) ඒකාබද්ධ කර තනි ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමට නිර්දේශ කර ඇති ශ්‍රී ලංකා කාර්මික පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරිමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙහිදී අදාළ නව පනත කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස අමාත්‍යවරයා එම යෝජනාව කර තිබේ.
රජයට අයත් වාණිජ නොවන ආයතන සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුව විසින් මෙලෙස එම ආයතන තුන ඒකාබද්ධ කර තනි ආයතනයක් ස්ථාපිත කිරිමට නිර්දේශ ඉදිරිපත් කර ඇත.
එකී නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා 2025-12-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd