- රජයේ ආදායම රුපියල් බිලියන 468.75 යි - වියදම රුපියල් බිලියන 472.56 යි
- සමස්ත අයවැය ශේෂය රුපියල් බිලියන 3.81ක් දක්වා අඩු වෙයි
2026 වසරේ ජනවාරි මාසයේදී රජයේ ආදායම් සහ ප්‍රදානවල වටිනාකම රුපියල් බිලියන 468.75ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ ජනවාරි මාසයේදී රැස් කරගත් රුපියල් බිලියන 346.58 ක ආදායම හා සැසඳීමේදී සියයට 35.2 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ.
මෙහිදී රජයේ බදු ආදායම රුපියල් බිලියන 434.23ක් වන අතර, එය 2025 වසරේ ජනවාරියේ හිමි වූ රුපියල් බිලියන 321.48 ට සාපේක්ෂව සියයට 35 ක වර්ධනයකි. එසේම බදු නොවන ආදායම රුපියල් බිලියන 25.10 සිට රුපියල් බිලියන 34.52 ක් දක්වා සියයට 37.5 ක වර්ධනයක් පෙන්වා තිබේ. පෙර වසරේ මෙන්ම මේ වසරේ ජනවාරි මාසයේදී ප්‍රදාන හිමිව නැත.
මේ අතර 2026 වසරේ ජනවාරි මාසයේ රජයේ වියදම් සහ ආපසු ගෙවීම් අඩු කළ පසු ශුද්ධ ණයදීම්වල වටිනාකම රුපියල් බිලියන 472.56ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2025 ජනවාරියේ වාර්තා කළ රුපියල් බිලියන 465.98 හා සැසඳීමේදී සියයට 1.41ක වැඩිවීමකි.
මෙහිදී පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 424.51ක සිට රුපියල් බිලියන 429.41 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ප්‍රාග්ධන වියදම් සහ ආපසු ගෙවීම් අඩුකළ පසු ශුද්ධ ණයදීම් රුපියල් බිලියන 41.47ක සිට 43.15 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව 2026 වසරේ ජනවාරියේදී රජය ලබා ගෙන ඇති ණය සඳහා ගෙවිය යුතු පොලී වියදම් ඇතුළත් නොවන ලෙස ගණනය කරන රජයේ ආදායම සහ වියදම අතර පරතරය වන ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 222.82ක් ලෙස සටහන්ව ඇති අතර, 2025 ජනවාරියේදී එය රුපියල් බිලියන 119.33ක් විය.
මේ අතර රජයේ මුළු ආදායම සහ රජයේ මුළු වියදම අතර පරතරය වන සමස්ත අයවැය ශේෂය 2026 ජනවාරි මාසයේදී රුපියල් බිලියන 3.81 ක් ලෙස සටහන්ව ඇති අතර, 2025 ජනවාරියේදී එය රුපියල් බිලියන 119.40ක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd