විභාගයේ කෝටි 54ක මැෂිම සුදු අලියෙක්
ප්‍රශ්න පත්රවලට මනා නිමාවක් ලබාදීම, විභාග අපේක්ෂකයන්ගේ විශ්වාසනීයත්වය නංවාලීම සහ රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් විභාග දෙපාර්තමේන්තුව 2020 වර්ෂයේදී රුපියල් කෝටි පනස් පහක පමණ වියදමින් මිලදීගෙන තිබූ ’’ටර්න් කී’’ මුද්‍රණ යන්ත්‍රයෙන් ලොකු ප්‍රයෝජනයක් ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.