( තිලකරත්න දිසානායක)

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ 75 වන සංවත්සරය නිමිත්තෙන් සමරු මුද්දරයක් අද නිකුත් කෙරිණි. 

" රන්වැලි අභිමන් - 22 " අධ්‍යාපනික ප්‍රදර්ශනය තෙදිනක් පුරා පැවැති අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. එහි තෙවන දිනය වූ අද ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් තැපැල් මුද්දරය නිකුත් කෙරිණි.

විදුහල්පතිනී හේමා ජයවර්ධන මහත්මියගේ මගපෙන්වීම මත පැවති මෙම ප්‍රදර්ශනය සදහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසුවියන්ගේ විවිධ නිර්මාණ කුසලතා ඉදිරිපත් කොට තිබූ අතර එම ඉදිරිපත් කිරීම් අමාත්‍යවරුන් ඇතුලු සෑමගේ ඇගයීමට ලක් කෙරිණි.