(සුජිත් හේවාජුලිගේ )

තමාට ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වෙයි.

එම ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරියට හෙට යැවීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

නීති අංශ පවසන්නේ නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින හෙයින් ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමට නීතිමය බාධාවක් නැති බවයි.

පාර්ලිමේන්තුව අඟහරුවාදා (08) සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතය .

එයාර් බස් ගනුදෙනුවේදී අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු නාමල් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත ගනු ලැබීය.