
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාව සහ ඉරානය සති අන්තයේදී දෙපාර්ශවයේ නෞකා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබූ අතර එහිදී ඇමෙරිකානු හමුදාව ඕමාන බොක්කේ යාත්‍රා කරමින් තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබූ අතර කර්ග් දූපත ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ තවත් ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට දැඩිව හානි වී තිබිණි.
එම ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ඇමෙරිකාවට සම්බන්ධ ඉන්ධන ප්‍රවාහන නෞකා තුනකට ප්‍රහාර එල්ල කර ඇත. ඇමෙරිකානු නාවික හමුදා නෞකාවලට ඉරානය එල්ල කළ ප්‍රහාරයකට පිළිතුරු ලෙස ඇමෙරිකානු හමුදාව ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා තුනට ප්‍රහාර එල්ල කර තිබිණි.
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පසුගියදා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඉරානයට අනතුරු ඇඟවීමක් සිදුකළ අතර එහි සඳහන්ව තිබුණේ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය දිගින්දිගටම ඇමෙරිකානු නාවික හමුදා නෞකාවලට ප්‍රහාර එල්ල කළහොත් ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවලට ප්‍රහාර එල්ල කර මුහුදේ ගිල්වන බවයි.
ඉරානයට නාවික හෝ ගුවන් හමුදාවක් නොමැති බවත් ඇමෙරිකානු නෞකා, සබ්මැරීන් සහ ගුවන් යානාවලට ඉතාමත් පහසුවෙන් ඉරාන වෙළෙඳ නෞකා මුහුදු බත් කළ හැකි බවත් හෙග්සෙත් පණිවුඩය මගින් අනතුරු අඟවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd