IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ජනශක්ති සභාපති ඝාතනය ගැන චමුදිතගෙන් ප්‍රකාශයක් ගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්නර් මහතාගේ ඝාතන සිද්ධියට අදාළව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් ප්‍රකාශ ලබාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත ඒ මහතා කැඳවීමෙන් අනතුරුව පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව එම නිලධාරියා කීය.

චමුදිත සමරවික්‍රම මහතා දිනේෂ් ෆාශ්නර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවකට ගවේෂණශිලි මාධ්‍යවේදියෙකු මෙන්ම ගුවන් හමුදාවේ නිලධාරීයෙකු වන කීර්ති රත්නායක මහතා සමඟ විනාඩි 40ක පමණ සම්මුඛ සාකච්ඡාවක් එදිනම සිදු කිරීම මූලික කරගෙන ඔහුගෙන් ප්‍රකාශ ලබා ගත් බව එම පොලිස් නිලධාරියා කීය.

 



අදහස් (11)

ජනශක්ති සභාපති ඝාතනය ගැන චමුදිතගෙන් ප්‍රකාශයක් ගනී

යෝගා Sunday, 18 December 2022 04:15 PM

චමුදිතට දෙකක් ඇනලා මිනීමැරුම කලේ තමන් කියලා ප්‍රකාශයක් ගනියිද දන්නෙ නෑ. එහෙව් කැකිල්ලේලා!

:       49       80

chandima Sunday, 18 December 2022 05:35 PM

දැන් යුටියුබ් කාරයින්ටත් කියන්නේ ප්‍රවීන මාධ්‍යවේධීන් කියලද.?

:       23       51

රාවණා Monday, 19 December 2022 09:52 AM

ඔබේ ගෙදර රූපවාහිනීයක් නැති පාටයි, නැතිනම් චමුදිත සමරවික්‍රම නොදැන ඉන්න විදියක් නෑ !

:       6       22

ajith Sunday, 18 December 2022 06:38 PM

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපතිගේ බිරිද දුරකතනයෙන් දිනේෂ් ශාෆ්නර් ඇමතීමේදී ඔහුගේ දුරකථනය දුරකථන ස්ථානය, බොරැල්ල කනත්ත වසයෙන් ඔහු සිටිනා ස්ථානය පිලිබදව සංඥා ලබාදී තිබියදී බිරිද පොලිසියට නොදන්වා වෙනත් පුද්ගලයකුට දැන්වීම සහ එම පුද්ගලයාද බොරැල්ල කනත්ත ට ගොස් පොලිසියට කතා කිරීම සම්බනදව සැකයක් මතුවේ.

:       66       23

Dinesh Monday, 19 December 2022 05:35 AM

එතැන සැක කරන්න දෙයක් නෑ. හේතුවක් දන්නේ නැතුව අපි උනත් එක පාරටම පොලියට කතා කරන්නේ නෑනේ. ඒ වගේම බ්‍රයන් තෝමස් මේකට සම්බන්ධ නෑ වගේ කියලත් හිතෙනවා. එහෙම සාක්ෂි තිබුණ නම් මේ වෙනකොට එයාව ඇරස්ට් කරලා.

:       0       20

janabala asamagiMonday, 19 December 2022 09:57 AM

බ්‍රයන් තෝමස් පිටුපස සිටින බලවතා හැමොම දන්නව කලු සල්ලි පැහැර ගැනිමෙ ම්ෆියාව මෙය පිටුපස සිටිනව. ඔවුන් තවමත් බලවත් පොලිසිය මෙහෙයවන්නෙ ඔවුන් මෙ සොරමුල

:       1       16

SenarathMonday, 19 December 2022 09:08 AM

කොටි 180 ක් අරන් නොගෙව හරින පුද්ගලයට විරුද්දව කරපු පමිනිල්ලට පොලිසිය කටයුතු කරපු ආකරයෙන් එ නෝට හිතෙන්න අති පොලිසියට කියනවට වඩා මෙක තමුන්ගෙ හිතවතෙකුට කියල බලන එක හොදයි කියල. මෙකට සැකකරන අපරාදකරු තවත් පුද්ගලයකුට මරන තර්ජන කරල තියෙනව කියලත් ආරංචි තියෙනව. එත් තවම නිදැල්ලෙ.

:       0       12

Prabha Monday, 19 December 2022 12:08 AM

ප්‍රශ්න කරන්න තිබුනේ සියල්ල දත් කීර්තිගෙන් ඒත් ප්‍රශ්න කරන්නේ නිවේදකගෙන්.

:       47       39

Senarath Monday, 19 December 2022 09:12 AM

අන්තිමට පොලීසිය කියාවිද දන්නේ නැහැ ශාෆ්ටර් මහත්තායා විසින්ම අත්දෙක ගැටගසාගෙන බෙල්ලට ලණුවකුත් දාගෙන ජීවිතය නැති කරගන්න ගනිපු උත්සාහයක් නිසා මේ මරණය උණා කියාල. මේකට සැක කරන්නේ පොඩි මිනිහෙක් වුණා නම් ගෙනිහිල්ලා ඇට කුඩු වෙන්න ගහලා වරද නොරකත් කරා කියලා කියව ගෙන හමාරයි මේ වෙනකොට.

:       1       17

anaMonday, 19 December 2022 10:09 AM

ඔව් මතකනේ කොටදෙනියාව සිද්ධිය....

:       0       12

sharm warn Monday, 19 December 2022 09:52 AM

මටත් මේ මරණය, හොයා ගත්ත හැටි, පසු පියවර, මේ හැම දේම සැකයි.

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2237 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1674 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site