(සුමිත් පොතුපිටිය සහ  දයා හේමන්ත සිල්වා)

පෞද්ගලික ආරවුලක් මත ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් කඩු මන්නා සහ පෙට්‍රල් බෝම්බ රැගෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවක ඇතුළු පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, අරුක්ගොඩ සහ වාද්දුව ප්‍රදේශයේ පදිංචි පිරිසක් බව පොලිසිය කීය.

අපරාධ සහ රථවාහන නිලධාරීන් කන්ද උඩවත්ත ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ වෑන් රථය පරීක්ෂා කිරීමේදී අඩි 3 ක් පමණ දිගැති සුදු යකඩ කඩුවක්, අඩි දෙකහමාරක් දිගැති මන්නයක්, පහරදීමට සකස් කල යකඩ ලිවරයක් සහ පෙට්‍රල් බෝම්බයක් සොයාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිසිය වැන් රථයද භාරයට ගෙන තිබේ.

ප්‍රධාන සැකකාරියගේ ස්වාමිපුරුෂයා බන්ධනාගාර ගතව සිටින බවත්, ඔහු අනියම් සම්බන්ධයක් පවත්වන සැකකාරියක් සහ ඇයගේ පවුලේ සාමාජිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් ගමන් කරමින් සිට ඇති බවට හෙලිවී ඇතැයිද පොලිසිය කීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .