IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සැමියාගේ හොර අඹුට ගහන සැලසුම පොලිසිය නිසා වැළකේ

(සුමිත් පොතුපිටිය සහ  දයා හේමන්ත සිල්වා)

පෞද්ගලික ආරවුලක් මත ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් කඩු මන්නා සහ පෙට්‍රල් බෝම්බ රැගෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවක ඇතුළු පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, අරුක්ගොඩ සහ වාද්දුව ප්‍රදේශයේ පදිංචි පිරිසක් බව පොලිසිය කීය.

අපරාධ සහ රථවාහන නිලධාරීන් කන්ද උඩවත්ත ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ වෑන් රථය පරීක්ෂා කිරීමේදී අඩි 3 ක් පමණ දිගැති සුදු යකඩ කඩුවක්, අඩි දෙකහමාරක් දිගැති මන්නයක්, පහරදීමට සකස් කල යකඩ ලිවරයක් සහ පෙට්‍රල් බෝම්බයක් සොයාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිසිය වැන් රථයද භාරයට ගෙන තිබේ.

ප්‍රධාන සැකකාරියගේ ස්වාමිපුරුෂයා බන්ධනාගාර ගතව සිටින බවත්, ඔහු අනියම් සම්බන්ධයක් පවත්වන සැකකාරියක් සහ ඇයගේ පවුලේ සාමාජිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් ගමන් කරමින් සිට ඇති බවට හෙලිවී ඇතැයිද පොලිසිය කීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

 



අදහස් (2)

සැමියාගේ හොර අඹුට ගහන සැලසුම පොලිසිය නිසා වැළකේ

podiekaa Sunday, 18 December 2022 01:12 PM

කාන්තාවන් දුරාචාරයේ යන්නේ පිරිමින්ගේ තියන වැරදි නිසා. ඒ නිසා ඒ මිනිස්සු මැරුවයි කියලා ඔය ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.

:       0       3

පිටිගල මිලානෝ Monday, 19 December 2022 05:27 AM

සකලසිරින් පිරි සිරි ලංකාවේ චෞර රැජින…!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site