IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලොව විශාලම මාළු ටැංකිය පුපුරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව විශාලතම සිලින්ඩාකාර මත්ස්‍ය ටැංකිය පුපුරා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බර්ලිනයේ රැඩිසන් බ්ලු හෝටලයේ පිහිටා ඇති ඇක්වා ඩොම් නම් මෙම මත්ස්‍ය ටැංකිය මත්ස්‍ය විශේෂ 100 කට අධික ප්‍රමාණයක මාළුන් 1500 කට නිවහන වී තිබූ බවත් උසින් මීටර් 15.85 ක් බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

වතුර ලීටර මිලියනයක් ගබඩා කර තිබී ඇති මෙම ජල ටැංකිය පුපුරා යෑමෙන් එහි වීදුරු කැබලි ඇඟේ වැදී පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

වතුර ගලා ඒම හේතුවෙන් හෝටලයටද සැලකිය යුතු හානියක් සිදුව ඇතැයි බර්ලින් ගිනි නිවන භටයෝ පැවැසූහ.

මාළු ටැංකිය පුපුරා යාමෙන් මාළුන් විශාල ප්‍රමාණයක් මියගියද වතුර එක් රැස් වී තිබූ ස්ථාන වල සිටි මාළුන් කිහිපදෙනකු බේරා ගැනීමට හැකි වූ බව බර්ලින් ගිනි නිවන භටයන් ප්‍රකාශ කර ඇත.

ඇක්වා ඩොම් 2003 වසරේ විවෘත වී ඇති අතර එය නිර්මාණය කිරීමට යුරෝ මිලියන 12.8 ක මුදලක් වැය වී ඇත.ඇක්වා ඩොම් ලොව විශාලතම සිලින්ඩාකාර මත්ස්‍ය ටැංකියට හිමි ලෝක වාර්තාවටද හිමිකම් කීවේය.



අදහස් (2)

ලොව විශාලම මාළු ටැංකිය පුපුරයි

SB Saturday, 17 December 2022 11:52 PM

ජ වී පෙ හෝ පෙරටුගාමීන් ගේ වැඩක් වියහැක.

:       0       3

පිටිගල මිලානෝ Sunday, 18 December 2022 02:00 AM

මම හිතුවේ අර ලංකාවේ තිබුන මිනී මෝරැ හිටිය ටැංකිය කියලයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site