
(මනෝප්රිය ගුණසේකර)
හිටපු බුද්ධි අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ සැලසුම් සහගත මෙහෙයවීමක් යටතේ තවත් තිදෙනෙකුගේ වක්රාකාර දැනුවත් වීම මත පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වී ඇතැයි රහස් පොලිසිය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන සුරේෂ් සලේ මහතාගෙන්ද හිටපු පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ප්‍රසාද් රණසිංහ සහ නිශාන්ත සොයිසා මහත්වරුන්ගෙන්ද අසාද් මව්ලානා නමැත්තාගෙන්ද ලබාගත් ප්‍රකාශ වලදී හෙළි වු කරුණු මත මේ බව අනාවරණය වී ඇතැයිද රහස් පොලිසිය වැඩිදුරටත් දැනුම් දුන්නේය.
පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන සහ තරු හෝටල් ඉල්ලක කර එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරනු ලබනු ලබන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නැයි කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 25 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොටුව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
සිංගප්පූරූ රෝහලකදී කළ හෘද සැත්කමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එම රෝහලට යා යුතු බව පෙන්වා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉල්ලා සිටි අවස්ථාවේදී දැඩි ඇප කෝන්දේසි මත ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැති බවට ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා ඒ බව දැනුම් දුන්නේය.
පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන සහ තරු හෝටල් ඉල්ලක කර එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරනු ලබනු ලබන විමර්ශනයට අදාළව රහස් පොලිසිය මීට පෙර අවස්ථාවක කළ ඉල්ලීමකට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අංශ බුද්ධි නිලධාරීන් කිහිපදෙනෙකුට විදේශ ගතවීම තහනම් කරමින් අධිකරණය විදේශ ගමන් තහනමක් පවතා ඇත.
එලෙස පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරවා ගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට මෝෂමක් ඉදිරිපත් කර තිබු අතර ඒ අනුව නඩුව කැඳවු අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd