IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වගා නොකරන කුඹුරු රජයට ගන්න පනතත් සංශෝධනයට

(අංජුල මහික වීරරත්න)

වගා නොකරන සියලු කුඹුරු ඉඩම් 2023 වසරේ සිට වසර පහක් යන තෙක් රජයට පවරා ගෙන වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.

මෙතෙක් වගා කර නොමැති කුඹුරු ඉඩම් අක්කර ලක්ෂයක් ඇති බවත්, 2023 වසරේ දී එම සියලු කුඹුරු ඉඩම් රජයට පවරා ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

රටේ වගා නොකළ සෑම ඉඩමක්ම වගා කිරීමට රජය තීරණය කර ඇති බැවින් මෙම පුරන් කුඹුරු සියල්ල වසර පහක් යන තෙක් රජයට පවරා ගෙන ඒවා වගා කිරීමට ඉඩම් නොමැති තරුණ ප්‍රජාවට වගා කිරීම සඳහා වසර පහකට පවරා දීමට හැකි වන පරිදි ගොවිජන පනත කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙතෙක් වලා නොකර පුරන් කුඹුරු අයිතිකරුවන්ම නැවත වගා කරන්නේ නම් ගැටළුවක් නොමැති අතර වගා නොකරන්නේ නම් එම ඉඩම් අනිවාර්යයෙන්ම රජයට පවරා ගෙන වගා කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

වසර පහකට පසු එම ඉඩම් අයිතිකරුවන්ට අදාල ඉඩම් වගා කළ පිරිස් සමග එකඟතාවයක් යටතේ අවශ්‍ය නම් වගා කිරීමට හැකි වන අතර වගා නොකරන්නේ නම් ඉඩම් අයිතිකරුවන්ට බිම් කුළිය වශයෙන් ලබන අස්වැන්නෙන් කොටසක් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

 



අදහස් (8)

වගා නොකරන කුඹුරු රජයට ගන්න පනතත් සංශෝධනයට

ganegoda Sunday, 18 December 2022 01:22 PM

අවශ්‍ය කරන අවි ආයුධ ට්‍රැක්ටර් වතුර පොහොර බීජ , මෙව්වා දෙන්න පුළුවන් එකෙක් මේ ආණ්ඩුවේ ඉන්නවද? ඔය රජයට පවරා ගැනීම ඇත්තටම මේවාට පියවර නොවෙයි.

:       5       8

ගොවිරාළ Sunday, 18 December 2022 02:01 PM

සමහර ගොවීන් කුඹුරු කරන්න කැමතියි ඒත් විවිධ පුද්ගලයින් කුඹුරු සදහා ජල මාර්ග වසා දාලා තියෙනවා තවත් ඒවට යන්න තියෙන මාර්ග වහල ගොවියාට කුඹුරට යන්න දෙන්නෙ නැහැ මුලින්ම කුඹුරු අයිතිකාරයෝ හමුවෙලා වැඩ නොකරන හේතු අහන්න එහෙම කරලත් වැඩ නොකරනවානම් සදාකාලිකවම රජයට පවරා ගෙන බෙදල දෙන්න නැත්නම් ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් වගා කිරීමට ක්‍රමයක් හදන්න.

:       4       4

pakeer Sunday, 18 December 2022 02:22 PM

නියමයි ඒ එක්කම පර්චස් 50 ට වැඩි හැමෝටම ලොකු බද්දක් ගහන්න. බල්ලෝ ඇති කරනවාට බද්දක් ගහන්න. තට්ටු දෙකේ ඒවටත් බදු ගහන්න. එක ගෙදර කාර් 2 ක් තියෙනවා නම් බද්දක් ගහන්න. කමාර 4 ට වැඩි නම් බදු ගහන්න. හැමෝටම ඕනි විදියට ගෙවල් හදන්න දෙන්න එපා. ආදායම හැටියට රජය විසින් අනුමත කරපු සැලැස්මවල් වලට ගෙවල් හදන්න දෙන්න.

:       9       3

lankasriMonday, 19 December 2022 02:43 AM

මහන්සි වෙලා වැඩකරකලා හම්බකරගත්තු මිනිස්සු එක්ක තියෙන ඊර්ෂියාව නේද මේ විදහා පාන්නේ. ඒ මිනිස්සු එවා හම්බ කරගෙන තියෙන්නේ සධාරනව නම් එවට බදු ගෙවලා තමයි ගොඩනගා ගෙන තියෙන්න.

:       0       2

නිමල් Sunday, 18 December 2022 06:46 PM

මීට වසර හත අටකට පෙරත් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව ඕක කරන්න අසාර්ථක උත්සාහයක් දැරුවා දැරුවා මතකයි.

:       0       2

mangala Sunday, 18 December 2022 07:48 PM

වී ටික කොටන්න රජයෙන් හදපු වී මෝල් සහ ගබඩා ටික පාලනය කරගන්න බැරුව තව වගා නොකරපු ඉඩම් වලට කෙලින්න යන්නේ. අනේ මේ වගේ කාලේ සහ සල්ලි කන හරක්.

:       0       2

Asela Sunday, 18 December 2022 09:15 PM

පාර්ලිමේන්තුවේ වැඩ නොකරන ඇමැතිවරු, මන්ත්‍රීවරු, නිදා සිටින ඇමැතිවරු ගැන කවර කතාද?

:       0       2

nalin Monday, 19 December 2022 06:14 AM

අන්න හොද වැඩක් රජයට පවරගෙන ඊට පස්සෙ හමුදාව දාල ඔව්වගෙ වැඩ ටික කරන්න පුලුවන්. ඔය වගේ දේවල් කරල තමයි රට ගොඩගන්න පුලුවන්. බලන්නකො බස්නාහිර පලාතෙ කොච්චර කුඹුරු ඉඩම් තියෙනව වතුර ප්‍රශ්නෙකුත් නෑ ඉතින් එව්ව රජයට පවරගෙන යන්ත්‍ර සූත්‍ර ටික හමුදාවට දුන්න නම් වගා සන්ග්‍රාමය කරයි ලස්සනට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site