
(අංජුල මහික වීරරත්න)
වගා නොකරන සියලු කුඹුරු ඉඩම් 2023 වසරේ සිට වසර පහක් යන තෙක් රජයට පවරා ගෙන වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.
මෙතෙක් වගා කර නොමැති කුඹුරු ඉඩම් අක්කර ලක්ෂයක් ඇති බවත්, 2023 වසරේ දී එම සියලු කුඹුරු ඉඩම් රජයට පවරා ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.
රටේ වගා නොකළ සෑම ඉඩමක්ම වගා කිරීමට රජය තීරණය කර ඇති බැවින් මෙම පුරන් කුඹුරු සියල්ල වසර පහක් යන තෙක් රජයට පවරා ගෙන ඒවා වගා කිරීමට ඉඩම් නොමැති තරුණ ප්‍රජාවට වගා කිරීම සඳහා වසර පහකට පවරා දීමට හැකි වන පරිදි ගොවිජන පනත කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙතෙක් වලා නොකර පුරන් කුඹුරු අයිතිකරුවන්ම නැවත වගා කරන්නේ නම් ගැටළුවක් නොමැති අතර වගා නොකරන්නේ නම් එම ඉඩම් අනිවාර්යයෙන්ම රජයට පවරා ගෙන වගා කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
වසර පහකට පසු එම ඉඩම් අයිතිකරුවන්ට අදාල ඉඩම් වගා කළ පිරිස් සමග එකඟතාවයක් යටතේ අවශ්‍ය නම් වගා කිරීමට හැකි වන අතර වගා නොකරන්නේ නම් ඉඩම් අයිතිකරුවන්ට බිම් කුළිය වශයෙන් ලබන අස්වැන්නෙන් කොටසක් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවශ්‍ය කරන අවි ආයුධ ට්‍රැක්ටර් වතුර පොහොර බීජ , මෙව්වා දෙන්න පුළුවන් එකෙක් මේ ආණ්ඩුවේ ඉන්නවද? ඔය රජයට පවරා ගැනීම ඇත්තටම මේවාට පියවර නොවෙයි.
සමහර ගොවීන් කුඹුරු කරන්න කැමතියි ඒත් විවිධ පුද්ගලයින් කුඹුරු සදහා ජල මාර්ග වසා දාලා තියෙනවා තවත් ඒවට යන්න තියෙන මාර්ග වහල ගොවියාට කුඹුරට යන්න දෙන්නෙ නැහැ මුලින්ම කුඹුරු අයිතිකාරයෝ හමුවෙලා වැඩ නොකරන හේතු අහන්න එහෙම කරලත් වැඩ නොකරනවානම් සදාකාලිකවම රජයට පවරා ගෙන බෙදල දෙන්න නැත්නම් ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් වගා කිරීමට ක්‍රමයක් හදන්න.
නියමයි ඒ එක්කම පර්චස් 50 ට වැඩි හැමෝටම ලොකු බද්දක් ගහන්න. බල්ලෝ ඇති කරනවාට බද්දක් ගහන්න. තට්ටු දෙකේ ඒවටත් බදු ගහන්න. එක ගෙදර කාර් 2 ක් තියෙනවා නම් බද්දක් ගහන්න. කමාර 4 ට වැඩි නම් බදු ගහන්න. හැමෝටම ඕනි විදියට ගෙවල් හදන්න දෙන්න එපා. ආදායම හැටියට රජය විසින් අනුමත කරපු සැලැස්මවල් වලට ගෙවල් හදන්න දෙන්න.
මීට වසර හත අටකට පෙරත් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව ඕක කරන්න අසාර්ථක උත්සාහයක් දැරුවා දැරුවා මතකයි.
වී ටික කොටන්න රජයෙන් හදපු වී මෝල් සහ ගබඩා ටික පාලනය කරගන්න බැරුව තව වගා නොකරපු ඉඩම් වලට කෙලින්න යන්නේ. අනේ මේ වගේ කාලේ සහ සල්ලි කන හරක්.
පාර්ලිමේන්තුවේ වැඩ නොකරන ඇමැතිවරු, මන්ත්‍රීවරු, නිදා සිටින ඇමැතිවරු ගැන කවර කතාද?
අන්න හොද වැඩක් රජයට පවරගෙන ඊට පස්සෙ හමුදාව දාල ඔව්වගෙ වැඩ ටික කරන්න පුලුවන්. ඔය වගේ දේවල් කරල තමයි රට ගොඩගන්න පුලුවන්. බලන්නකො බස්නාහිර පලාතෙ කොච්චර කුඹුරු ඉඩම් තියෙනව වතුර ප්‍රශ්නෙකුත් නෑ ඉතින් එව්ව රජයට පවරගෙන යන්ත්‍ර සූත්‍ර ටික හමුදාවට දුන්න නම් වගා සන්ග්‍රාමය කරයි ලස්සනට.