(එච් එම් ධර්මපාල සහ යොහාන් භාසුර)

දෙහිවල දුම්රිය ස්ථානයේදී තරුණයන් දෙදෙනකු හා තරුණියක දුම්රියේ ගැටී තරුණයා සහ තරුණියක මියගොස් ඇති බවත්,අනෙක් අය ඈතට වීසීවී සුළු තුවාල ලබා ඇතැයි දෙහිවල පොලීසිය පවසයි.

කරන්දෙනිය  රොෂාන් රන්දික විජේසිංහ සිසුවා සහ අම්බලන්ගොඩ වතුගෙදර තෙරිනි ලක්මී (22) වියැති සිසුවිය මෙසේ මියගොස් ඇත .

බලපිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසු සිසුවියන් 12 දෙනකු දෙහිවල සත්වෝද්‍යානය නැරඹීම සඳහා දුම්රියෙන් පැමිණ දෙහිවල දුම්රිය පලෙන් බැස ඇති අතර ඉන් මෙම තිදෙනා ගුවන්පාලමෙන් ගමන් නොකර දුම්රිය වේදිකාවෙන් පැන දුම්රියපාර හරහා බස්රථයක් ගැනීමට පැමිණ ඇති බවත් අනෙකුත් පිරිස ගුවන් පාලමෙන් පැමිණ ඇති බවත් පොලීසිය කියයි.

මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනයවූ  දුම්රියේ  ගැටී එක් අයකු පීටතට වීසිවී තුවාල ලබා දෙදෙනකු මියගොස් ඇතැයි පොලීසිය පැවසීය.