(සුජිත් හේවාජුලිගේ )
කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා ඔහු ගමන් කළ මාර්ගය අවට සීසීටීවී කැමරා විස්සකට වැඩි සංඛ්‍යාවක දර්ශන පරීක්ෂාවට ලක් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
සීසීටීවී දර්ශන පරීක්ෂාව සඳහා පොලිස් නිලධාරීහු කණ්ඩායම් පහක් යොදවනු ලැබ සිටිති.
මෙයට අමතරව ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථනයේ සඳහන්ව ඇති තොරතුරු සම්බන්ධයෙන් දුරකතන සමාගම්වල සහාය ඇතුව වෙනම විමර්ශනයක් පවත්වන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ඝාතනය සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු කිහිපයක් ගැන විශේෂ අවධානය යොමුවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ෂාෆ්ටර් මහතා බොරැල්ල කනත්ත අසලදී ඉකුත් බ්‍රහස්පතින්දා ඝාතනය කෙරුණේ වරයකින් ගෙල සිර කිරීමෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පොලිස් සුනඛයන් යොදාගෙන මෙම පරීක්ෂණ කරන්නේ නැත්තේ. මිනීමරුවා කොටුවෙයි කියලද
ඔය තරම් විශාල මුදලක් නම් රාජපක්ෂ හොර කට්ටියගේ සම්බන්ධයක් නැති වෙන්න බැහැ., ඒවගේම දැන් කවුරුත් කථාවෙනවා අර නැව් ගාඩ් කරන කොම්පැනියේ ඉන්න මේකට සම්බන්ධයි කියලා.
මෙචිචර ජනතාවක් ගැවසෙන රටෙි අගනුවර මහ දවාලේ ඔය වගේ වැඩක් කරන්න පුලුවන් ද ඒ අවට මිනිස්සු හිටියෙ නැද්ද අනික ඒ මනුස්සයට කෑ ගහන්න තිබුනෙ නැද්ද තනි මිනිහෙක් ඔය වැඩෙි කරේ නැහැනෙ අනික කනත්තෙ මිනිස්සු හිටියෙ නැද්ද ආරක්ෂක සේවකයන් ඉන්නව ඒ මිනිස්සු දැකල නැද්ද ?