(රංජිත් රාජපක්ෂ)

බගවන්තලාව පොලිසිය ඉදිරිපිට නතර කර තිබූ ලොරි රථයක පෞද්ගලික බස් රථයක් ගැටී ලොරි රථයේ පැමිණි පුද්ගලයෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වූ බව බගවන්තලාව පොලසිය කියයි.

අද (20) උදෑසන 10ට පමණ නළ ළිං අලුත්වැඩියා කරන සේවකයන් රැගත් ලොරි රථය බගවන්තලාව පොලිසිය ඉදිරිපිට නතර කර තිබියදී එම ලොරි රථයේ පැමිණි කාර්මික ශිල්පියෙකු ලොරි රථයෙන් බැස ලොරි රථය අසළ සිටියදි  මෙම අනතුර සිදු ඇත.

ධාවනයට සුදානම්ව තිබූ පෞද්ගලික බස් රථය රියදුරු නොමැතිව ඉදිරියට ධාවනය වී ඉදිරියෙන් නතර කර තිබූ ලොරි රථයේ ගැටීමේදි ලොරි රථය අසළ සිටි කාර්මික ශිල්පියා ලොරි රථයට සහ බස් රථයට මැදි වී එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වි ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ බගවන්තලාව ප්‍ර දේශයේම පදිංචි 28 හැවිරිදි තරුණයෙකු බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.