
(අංජුල මහික වීරරත්න)
කෝටි ගානක සල්ලි තියෙනවා යැයි ජනාධිපති කිවුවත් ජනතාව ගෙවන බද්දට සාධාරණයක් වෙන්නෙ නැතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
"ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා.
හැබැයි ගෙවන බද්දට සාධාරණ ලෙස රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ.
මේ අමාරු කාලයක්. විශාල ආර්ථික පීඩාවලට මුහුණ දෙන කාලයක්.
ජීවන වියදම එන්න එන්න වැඩි වෙනවා.
ආණ්ඩුව හිතුමතයේ බදු වැඩි කරනවා,
ආණ්ඩුවේ යම් හොරකමක් සිද්ධ වුණොත්, ඒ හොරකමේ පාඩුව මකාගන්න ඔබට බදු ගහනවා. එහෙම නෙවෙයිද වෙන්නේ?
දැන් පහුගිය කාලේ බාල ගල්අඟුරු ගෙනාවා.එහි පාඩුව මකා ගන්න විදුලි බිල වැඩි කළා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ උඩහමුල්ලේ පැවති රැස්වීමක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd