
(අංජුල මහික වීරරත්න)
කසළ කළමනාකරණ සම්බන්ධයෙන් ගෙන ඇති ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ සැකසිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කුණු කසළ නිසි ලෙස බැහැර කිරීමේ පුරවැසි වගකීම පිළිබඳ ඔවුන් දැනුවත් කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සම්බන්ධිත දිස්ත්‍රික් කසළ කළමනාකරණ අනු කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
මෙහිදී පෙර රැස්වීම්වල සාකච්ඡාවට නැගුණු බස්නාහිර පළාතේ නාගරීකරණ ඝන අපද්‍රව්‍යය බැහැර කිරීමේ පහසුකම් සහ ඝන අපද්‍රව්‍ය හේතුවෙන් පැන නැගී ඇති ගැටලු සඳහා ගෙන ඇති වර්තමාන පියවර සාකච්ඡා කරන ලද අතර ඉදිරි සැලසුම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය. එමෙන්ම ජනතාව අතර කොම්පෝස්ට් බඳුන්වල විධිමත් භාවිතය ඇති කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණාරච්චි, දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහත්වරු ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd