(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ආහාර ගැනීමෙන් අවසන් වු පසු මේසය මත වැටී තිබු ඉදුල් බත් ඇට සිසුන් මගින් දිවෙන් ඇහින්දවා අපූරු දඩුවමක් දුන් බව කියන මාතර ගොඩඋඩ මහ විද්‍යාලයේ විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ස්ථාන මාරු කල බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.
මීට දින කිහිපයකට පෙර මෙම දඩුවම ලබා දී තිබෙන අතර ඊට මුහුණ දී ඇත්තේ එම පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.
පාසල් විවේක කාලයේ දී සිසුන් විසින් ආහාරයට ගන්නා ලද ඉඳුල් මේසය මත ඉවත් කර නොමැති බව විදුහල්පතිනිය පන්ති කාමර නිරීක්ෂණයේ දී දැක ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉඳුල් හැලුවාට විදුහල්පතිනියගේ දඬුවම
පිටිගල මිලානෝ Sunday, 18 December 2022 11:27 AM
අර දෙමාපිය වන්දනාව කියලා කරන එකට දෙවනි නැහැ මේක.
Mahinda Sunday, 18 December 2022 11:52 AM
අමුම අමු ගෝත්‍රික දූපත්වාසී දඬුවම්.
චන්දන Sunday, 18 December 2022 12:07 PM
අතලොස්සක් දෙනා කරන මෙවැනි වැඩ වලට ඉහල ප්‍රචාරය ලැබෙනව . ඒ වගේම මෙවැනි අය කරන මෙවැනි පහත් වැඩ නිසා සමස්ත ගුරු සංහතිය ම අපහාස විඳිනව .
ug samantha Sunday, 18 December 2022 12:18 PM
රටේ අනාගත පරපුරේ විනාශය තමයි. ඒක හොඳ ෆනිෂ්මන්ට් එකක්. ළමයින්ට ඒ වරද හොඳට මතක හිටින ෆනිෂ්මන්ට. නමුත් විදුහල්පති මාරු කරලා දැන් ඉතින් ළමයි නැවත නැවත ඒ වරද කරනවා. හරිම දුකයි ලංකාවේ තත්ත්වය ගැන.
sujeewar Sunday, 18 December 2022 05:12 PM
මගේ අදහස නම් වැරැද්ද තියෙන්නේ දඬුවම දීපු කෙනාගෙ නෙවෙයි. මේක පටිගත කරපු එකාගෙයි වරද. රජ කෙනෙකුගේ පුතකුටත් තල අහුරක් කෑවාට දඩුවම් කලා නම්, නිදහස් අධ්‍යාපනයේ පියාගේ පුතාට දඩුවම් කලහම එතුමා ගුරුවරයාට ප්‍රශංසා කරලා ලියුමකුත් යැව්වා නම්.. අද පවතින ක්‍රමයේ වැරැද්දක් තියෙනවා... මේ වගේ එවුන් තමා අනාගතයේදී රට වටේ ට්‍රිප් ගිහිල්ලා පරිසරය දූෂණය කරන්නේ. මේ වගේ එවුන් තමා ගෙදර තියෙන කුණු ටික හොරෙන් මහපාරට දාන්නේ. ගුරුවරයාගේ දඩුවමක් විහිළුවට ලක් වුනහම වැරදි කරපු පොඩි එවුන් හිතන්නේ තමන් කල දේ හරි කියලායි. අනෙක් දවසේ ගුරුවරු හරි වැරැද්දක්වත් කියලා දෙන්න යන එකක් නැහැ. දඩුවම අමානුෂික නැහැ. ඒක ශරීරයට හානියක් නොවන හිතට දැනෙන දඪුවමක්. ඔතන මගේ දරුවෙක් ඔය දඩුවම වින්දනම් සහ ඔය වීඩියෝ කරපු එකාව දැක්කනම් කරන්නේ ඌගේ දුරකථනය පොලොවේ ගහන එක තමයි. ආයෙ දෙකක් නැහැ. අපේ කාලේ අපි දඪුවම් විදපු නිසා තමයි කුඩ්ඩෙක්, සමාජ දූෂකයෙක්, රටට බරක් වෙච්ච මිනිහෙක් නොවී දෙපයින් නැගිටලා ඉන්නේ. අපිට දඩුවම් කරපු ගුරුවරු පාරක දැක්කත් අදටත් දන ගහලා වදින්නේ අපි.
Asanga Sunday, 18 December 2022 05:16 PM
මානසික ලෙඩෙක්ද කොහෙද. නැකත්නම් මේවගේ දඩුවම් දෙන්නේ කවුද?
සකල ගුරු Sunday, 18 December 2022 05:44 PM
අවුරුදු 75 ක නිදහස සමරන්න සූදානම් වෙනවා සුද්දාගෙන් නිදහස ගත්තාට පසුව රටේ යම් පිරිහීමක් ඇතිවුණාද එමෙන් සිව් ගුණයකට වඩා වේගයෙන් විදුහල්පතිවරියට මාරුව දුන්නු නිළධාරින් වැනි නිළධාරින් නිසා රටට සිදුවෙන්න පුළුවන් මොකද දහය වසරේ සිසුන්ගේ හැසිරීම එහෙම නම් ඔවුන් සමාජයට ආවම කොහොමට හිටීවිද. දෙමාපියන් හා ගුරුභවතුන් දරුවො යහමගට නොගන්නේ නම් ඔවුන්ට ඒවා තහනම් නම් සමාජය හැදියයුතු කවුරුන් විසින්ද කියලා දෙන්න මේවට දෙමාපියන් සම්පූර්ණයෙන්ම වගකිවයුතුය බලන්න මෙම දරුවන්ගේ දෙමාපියන් සමාජයට අයහපත් දේවල් කරන අය නේද කියලා . රටේ අනාගතය යහපත් වියයුතු නම් මෙම විදුහල්පතිතුමියට නොපමාව සාධාරණයක් කරන්න ඕන
ලලිත් Sunday, 18 December 2022 05:53 PM
අපි විදපු දඩුවම් වල හැටිියට මේකත් දඩුවමක්ද.මේ විදුහල්පතිනිය ඉතා හොද දඩුවමක් දීිල තියෙන්නෙ.එසේ නොකර දරැවන් හදන්න බැහැ.ඔහොම කලොත් ගුරැවරැ දරැවන්ට වරදකටවත් දඩුවම් දෙන එකක් නැහැ.මේ විදුහල්පතිතුමිය ඇගයීමකට ලක්කරල හොද පාසලක් ලබාදෙන්න.නැතිනම් නැවතත් එම පාසලටම පත්කර යවන්න.
මංගල රණසිංහ Sunday, 18 December 2022 09:20 PM
අපූරු විදුහල්පතිතුමිය ක් . අපි පොඩි කාලෙත් ඔය විදිහෙ දඬුවම් ලැබුණු නිසා තමා අද මේ විදිහට විනයක් ඇතුව ජීවත් වෙන්නේ. එහෙම දඬුවම් කළේ නැත්තං ළමයි හදන්න බෑ.. විවේක කාලයේදී පන්ති නිරීක්ෂණය සඳහා යාම කොයි තරම් අපූරු වැඩක් ද? වෙන විදුහල්පතිවරු ඒ වෙලාවේ තමන්ගෙ විවේක ගන්නවා. මෙම විදුහල්පතිතුමිය ට දඬුවම් ලබා දීමට කටයුතු කළ ගොන් අලියා කවුද? ඒ වෙනුවට ඇයට ලබා දිය යුත්තේ උසස්වීමක් නේද? ඇයගේ ක්‍රියාව අගය කළ අමුතුයි නේද? දැනට කැනඩාවේ ජීවත් වුණත් කලකට පෙර වසර විසිපහක කාලයක් මමත් මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කළා. එය ලංකාවේ තිබෙන ඉහළම විනයක් ඇති පාසලක්. අදටත් එම විනය ඒ විදිහටම තියෙනවා. එයට හේතුව දැඩි විනයක් ඇති ගුරුවරුන් සහ දඬුවම් ලබා දීම. දෙමාපියන් සැමවිටම එම දඬුවම් අගය කරන අතර ගුරුවරුන් ළමයින් හික්මවීම සඳහා යොමු කරනවා. විය යුත්තේ එයයි. මෙම විදුහල්පතිතුමිය ට මගේ උත්තමාචාරය.