(එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)

වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඇඟලුම් සේවිකාවක පැහැරගෙන ගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 

34 වැනි වියෙහි පසුවූ එක් දරු මවක වූ ඇය සේවය නිමවා නිවසට පැමිණෙමින් සිටියදි ඇය ගමන්ගත් බසය නවතා මෙසෛ් පැහැරගෙන ගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

පැහැරගැනීමට පැමිණි මෝටර් රථයේ අංකය ව්‍යාජ එකක් බව ද පොලිසිය කියයි. වල්ගම්මුල්ල ප්‍රදේශයේදී මෙම පැහැරගැනීම සිදුව ඇති අතර මේ වන විට ඇගේ ජංගම දුරකතනය ද විසන්ධි වී ඇත.