IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


මැලේසියාවේ නාය යෑමකින් 21ක් මරුට

මැලේසියාවේ බටාන්ග් කාලි නගරයට නිවාඩු ගත කිරීමට පැමිණෙන පුද්ගලයන් එළිමහන් කඳවුරු බැඳ ගන්නා ස්ථානයක් අසල සිදු වූ නාය යෑමකින් 21 දෙනකු මියගොස් තවත් 12 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි මැලේසියානු බලධාරීහු ප්‍රකාශ කළහ.

ඊයේ(16) අලුයම 3 ට පමණ නාය යෑම සිදුවන අවස්ථාවේ නිවාඩු ගත කිරීමට පැමිණි පවුල් කුඩාරම් ඇතුලේ නින්දේ පසු වී ඇත.ඊයේ දිනය පුරා සහන සේවකයින් 400 ක් පමණ අතුරුදහන් වූ 12 දෙනා සෙවීම සඳහා කටයුතු කළ බව මැලේසියානු මාධ්‍ය වාර්තා කර ඇත.

මියගිය අය අතර කාන්තාවන් 12 දෙනෙක් සහ ළමුන් 5 දෙනෙක් සිටින බවත් සහන කණ්ඩායම් වලට  "එකිනෙකා වැළඳගෙන" තිබූ මළ සිරුරු දෙකක් හමුවූ බවත් එම මළ සිරුරු දෙක මව සහ දියණියගේ බවට විශ්වාස කරන බවත් බලධාරීහු පවසා තිබේ.

034



අදහස් (0)

මැලේසියාවේ නාය යෑමකින් 21ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 429 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2197 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site