(ඉන්දිකා රාමනායක)

බෝට්ටු මගින් නීති විරෝධී ලෙස ඉන්දියාවට පලා පළා යාමට උත්සාහ කළ පුද්ගලයන් හත් දෙනකු තලේමන්නාරම හත්වැනි වැලිපරය ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව  නාවික හමුදාව පවසයි.

ඉන්දියාවට පලා යාම සඳහා පිරිසක් සැකකටයුතු ලෙස මෙම ප්‍රදේශයේ රැඳී සිටින බවට නාවික හමුදාව වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර පුද්ගලයන් හපිරිසක්ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් 07 දෙනා අතර පිරිමි පුද්ගලයන් පස් දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු සිටි බවත්, මොවුන් වව්නියාව,තිකුනාමලය,මන්නාරම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව බව ද නාවික හමුදාව පවසයි.