IMG-LOGO

‘‘ලෝක අරගලවලදී එක පිලකටවත් බෙදෙන්නේ නෑ‘‘

(අංජුල මහික වීරරත්න)

දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමඟ මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලෝක බලවතුන්ගේ අරගල වලදී එක් පිලකට බෙදී වෙන් නොවී, සියලු රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ යහපත් තලයකට ඔසවා තැබිය හැකි බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ 97 වන විසිරයාමේ උත්සවයේදී ය.

දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ කැඩෙට් නිලධාරීන් තුන්සිය පනස් එක් දෙනෙකු (351) අධිකාරියට පත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

විදේශ රටවල් හතරක කැඩෙට් නිලධාරීන් ද පුහුණුව ලබා අධිකාරියට පත්වීම විශේෂත්වයකි.



අදහස් (16)

‘‘ලෝක අරගලවලදී එක පිලකටවත් බෙදෙන්නේ නෑ‘‘

Gks Sunday, 18 December 2022 10:48 AM

මාර විහිලු තමා කරන්නේ... ලෝක යුද්ධෙකදි බෙදිලා කාඩ් අතක් ගහන්න තමා වෙන්නේ.ඇයි ඉතින් තුවක්කුවක් ගන්නත් පිටරටින් සල්ලි ණයට ඉල්ලාගන්න එපැයි.

:       8       47

ABSunday, 18 December 2022 06:24 PM

සියලු රටවල් සමග මිත්‍රශීලිව මද්‍යස්තව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ යහපත් තලයකට ඔසවා තැබිය හැකිවේ.

:       3       8

A.C.M.Inayathullah Monday, 19 December 2022 09:26 AM

මෙම අවස්ථාවේ ජනාතිපති තුමාගේ කතාවෙන් ලංකික හා ලෝක ජනතාවට පුර්වාදර්ශයක් පෙනියනවා. එනම් එතුමාගේ කතාව ජාත්‍යන්තර මට්ටමේ පිළිගනු විදියට තිබීමද අපි අගය කල යුතු අතර, මේ කතාවට සවන් දෙනකොට අපට ජේ ආර් ජයවර්ධන ජනතිපති තුමාගේ කතාව මතක් වෙනවා. ඒවගේම කතාවට සමානව මහජනතාව කැරහි, ඔහුගේ දුක්විලි ගැන කල්පනා කර තමාගේ සැලෙස්ම හා කටුතුතු ඉදිරියට ගෙනගියහොත් ඔහුටද තව ටික කාලක රට ඉදිරියට ගැන ගිය හැක. ඔහුගේ දීප්තිමත් අනාඝතයට අපි සුබපතනවා.

:       3       1

arschfikaaMonday, 19 December 2022 01:33 AM

හරියටම ගැලපෙන උත්තරය ඔබ දුන්නා GSK. මුන්ගෙ භයානක කලු මූනවල් දැක්කම සුදු යුරෝයයන් පවා නිකම්ම බයවෙනව GSK. ඉතින් තව මොකටඩ තුවක්කු? එක හැර ඒ්ව ගන්නව තියා සත පහක අල්ලසක්වත් එවායින් මුන්ට ලැබෙන්නෙත් නැහැනෙ.

:       0       1

Hafeel Monday, 19 December 2022 04:18 PM

ඇමරිකානු සහ බටහිර ගැත්තෙක්. තවද ඔහු ඇමරිකාව සතුටු කිරීම සඳහා ඊශ්‍රායලය විසින් පලස්තීනය ආක්‍රමණය කළ එකත් සාධාරණ කරන මතය දරන චරිතයක්... එහි අද මෙහෙම කියන්න හේතුව, ඔහු හිතුවා IMF ඇතුළු ලෝකේ බලවත් රටවල් ඔහුට උදව් කරාවි කියලා... නමුත් ඔහු බලාපොරොත්තු නොවූ අන්දමට IMF ඇතුළු ඒ රටවල් ඔහුව අත්හැරියා. ඔවුන් දන්නවා රනිල්ට ජනවරමක් නැති බවත් සහ ඔහු හොරුන්ව ආරක්ෂා කරන බවත්... රනිල් දන්නේ ලාබ ලබන රටේ සම්පත් විකුණන්නත් සහ පුද්ගලී කරණය කරන එකත් පමණයි. රනිල්ට මේ රට ගොඩදාන්න පුළුවන් කියලා ඔබ තවදුරටත් හිතනවා නම්, ඒක විහිළුවක්. ඔහුට සුබපතන තරම් ඔහු වටින්නේ නැහැ...

:       0       2

de silva Sunday, 18 December 2022 11:01 AM

අපේ රටට ඉදිරියට ගලපෙන්නේ පිරිස් බලයෙන් අඩු නවීන යුද උපකරණ සහිත හොඳින් පුහුනු වූ හමුදාවකි.

:       2       27

Jagath Sunday, 18 December 2022 11:48 AM

අනේ නිකං බයිලා ගහන්නේ නැතුව,තවත් රට විනාශ නොකර ඉක්මනට මැතිවරණ තියපන්...ගොබ්බසේන එනවා මෙතන ජාත්‍යන්තර ටෝක් දෙන්න.

:       34       25

Bamunu Sunday, 18 December 2022 11:57 AM

තුන්වන ෆොටෝ එක බලන්න, රනිල් දාන බැල්ම.

:       0       6

ganegoda Sunday, 18 December 2022 12:37 PM

මොන හයියකට මේ මගුල් දොඩවනවද මන්දා

:       20       20

sugath Sunday, 18 December 2022 02:39 PM

ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ.

:       27       19

විජේ Sunday, 18 December 2022 04:04 PM

හා දැනුවත් වුනා.

:       2       1

chandima Sunday, 18 December 2022 05:38 PM

ටයි කෝට් දාගත්තම සාක්කුවේ අත දාගෙන ජිල් බෝල ගහන පුරුද්ද මගහැර ගත්තු එකම මොන තරම් ලොකු දෙයක්ද?

:       27       15

විජිත් Sunday, 18 December 2022 05:52 PM

බලාගෙන ....කලිසම ගැලවේවි...ටිකක් උස්සාගන්න.. හමුදාව ඔයාගේ ලනු කන්නේ නැහැ. කොහොමත් තව මාසෙකින් විතර කලිසමත් නැතිව තමයි දුවන්න වෙන්නේ. ලෝක අරගල වලට සම්බන්ධ උන්ව අපේ රටට ගෙනත් දමාගත්තේ රටේ ජනතාවද බූරුවෝ...? ඒ තොපි...!!! අහක යන නයි රෙද්ද අස්සේ දමාගෙන ...දැන් කෑගහනවා කනවෝ කනවෝ කියලා.තොපිට මේවාට සහගහනවා...!!!

:       29       27

sisilSunday, 18 December 2022 06:27 PM

කකුළුවෙක්ට තැටියේ වතුර රත්වෙන බව දැනිලා කෑ මොර දෙනවා....

:       9       6

නිමේෂ් Sunday, 18 December 2022 07:45 PM

රනිල් කවදාවත් හිතුවේ තමන් ගැන මිසක් රට ගැන නෙමෙයි නේ , ලෝක අරගල වලදීත් රටට කෙසේ වෙතත් මිනිහට වාසියක් වෙනවනම් ඒ පැත්ත ගනී එච්චරයි

:       5       12

chandani Sunday, 18 December 2022 11:58 PM

රට හොරකම් කරපු දේශකාපාලුවන්ගේ අසුචි කාලා මේකට නෙගටිව් කොමෙන්ට්ස් දමන මෝඩ බයි - පුස්සෝ තවමත් ශ්‍රී ලංකාවේ ඉන්නබව පෙනෙනවා. ඡන්දෙකින් පස්සේ රටේ දුක්විඳින බුද්ධිමත් ජනතාව උන්ගේ වැඩ මහපාරේදීම ඉවර කලොත් ලස්සන ශ්‍රී ලංකාවක් හෙට ඉපදෙනු නියතයි. අරගලයට ජය වේවා.

:       6       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site