(රංජන් කස්තුරි)
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය කඩිනමින් පවත්වා නවක ගුරුවරුන් 26000ක් පාසල්වලට අනුයුක්ත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
එම පිරිසට ලබන මාර්තු මස 24 වැනි දිනට පෙර පත්වීම් ලබදෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.
මීට අමතරව ශික්ෂණ විද්‍යා පීඨවලින් සමත්ව සිටින තවත් 6000කට පත්වීම් ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ චන්ද ගුණ්ඩු. ඔය 26000 ට ගෙවන්න මුදල් කොයින්ද..? හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්න .
මෙච්චර කල් අපෙන් නිකන් කකා හිටි සංවර්ධන නිලධාරීන් ගෙන් ගුරු සේවය ලබා ගැනීම හොඳ කටයුත්තක්. ඕකුන් සතියේ දවස් 5 වැඩකරයිද මන්ද?
36000 ගන්න, ඔයාලා සියලු දෙනාම සාරි ඇඳීමට සිදු වේ.
සංවර්ධන නිලධාරීන් බහුතරය කලා අංශයෙන් බාහිර උපාධිය ගත්ත අය... බොහෝ අය වයස්ගත අය. මේ අය ගුරු වෘත්තියට ගත්ත කියන්නේ අත්‍යාවශ්‍ය තාක්ෂණික සහ විද්‍යා අංශ ගුරුවරු දහස් ගණනක් ලමයින්ට අහිමිවන බව....ලමයි අමාරුවේ දැමීම... මොන කරුමෙටද මේ තීරණය.....
සංවර්ධන නිලධාරීන් මුලින් බදවාගනු ලැබූ 53000 ට මුලින් පත්වීම් ලබා දී අනෙකුත් රැකියා විරහිත උපාධිධාරීන් හට දෙවනුව පත්වීම් ලබා දීම සුදුසු බවත් දැනට පාසල් වල සිටින සංවර්ධන නිලධාරීන් සම්මුඛ පරීක්ෂණයක් මගින් පත් කිරීමට කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.
ඉස්සර වෙලා විද්‍යා පීඨ සම්මුඛ පරික්ෂණ තියලා හිටියනම්.ඒ ලමයින්ට වෙන මොකකටවත් යන්නත් නැහැ.