(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ විශ්ව විද්‍යාල ආචාර්යවරයකු ධාවනය කළ මෝටර් රථයක් අද දහවල් වැල්ලමඩම  මුහුදට පෙරලි අනතුරට ලක් වීමෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරයා තුවාල ලබා ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

අනතුරින් කම්පනයට පත්ව ඇති 50 හැවිරිදි ඔහු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.

දෙවිනුවර දෙස සිට මාතරට එන අතරතුරදී මෝටර් රථය පාරෙන් ඉවතට ගොස් මුහුදට වැටී තිබුණි.

කෙසේ වෙතත් ඒ අවට සිටි පිරිස එක්ව රියදුරු අසුනේ සිටි ඔහු බේරා ගෙන ගොඩට රැගෙන එන ලදි.