(සුජිත් හේවාජුලිගේ)
මෙරට ගුවන් ගමන් පාලකවරුන් 38 දෙනකු ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මෑත කාලයේදී රට හැර ගොස් ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශ ආරංචි මාර්ග මාර්ගවලින් පැවසෙයි.
වෙනත් රටවල සිවිල් ගුවන් සේවා ආයතනයන්හි ඉහළ වැටුප් සහ පහසුකම් ලබාදෙන හෙයින් ඔවුන් මෙසේ රට හැර ගොස් ඇති බව දැනගන්නට ඇත.
මේ තත්වය නිසා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලකවරුන්ගේ දැඩි හිඟයක් මතුව තිබෙන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ මෙය අද රටේ සෑම ක්ෂේත්‍රයකටම පොදු වූ ප්‍රශ්නයක් බවයි.
ගුවන් ගමන් පාලකවරුන් විසිපස් දෙනෙකු අලුතින් බදවා ගත් බවද ඔහු සඳහන් කළේය.
මේ අතර ගුවන් නියමුවන් රැසක්ද පසුගිය කාලයේදී රට හැර ගොස් ඇතැයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ගවලින් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවස්ථාව ලැබුණේ නම් ජනගහනයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් දුර්දාන්ත රජයක් විසින් පාලනය කරනු ලබන මේ රට මේ වන විටත් හැර ගොසින්. තුන් හෙලේ කැලැ තුළ සිංහ පැටව්... නැත උන් රට අතැර ගොසින්...
ඒක තමයි නිමල්, අපි කියන්නේ ඔයාලා කොමිස් ගගහා ඉන්නේ නැතිව මේක කරන්යන්න පුළුවන් කෙනෙකුට දීලා යන්න. තව කියවන්නත් එනවා
රට හැරගිය එක දේශපාලකයෙක් කියන්න... ගිය අයත් ආපහු ආවෙනෑ. තේරෙනවද වෙනස...? මොන ආර්ථික අවපාත තිබ්බත්, ඔවුන්ට මොලෝ බලපෑමක් නෑ...
රනිල් ඇතුළු ජරාපක්ෂ නඩේට දැන් පුළුවන් ඒකත් අතයට ගානක් තියාගෙන ඔය කාටහරි විකුණලා දාන්න...
මී හරක් දක්කන්න දක්ෂ මිනිස්සු ටිකක් මේ ලංකාවේ ඉතුරු වුණොත් ඒ හොඳටම ඇති..?
කුකුලා කමිටුවෙන් නිදොස් කොට නිදහස් වුණානේ. ඒ ඇති...
කවුරු රට හැර ගියත්, දේශපාලකයින් රට හැර යන්නේ නෑ...
හොම්බ බිම ඇනුන නාකි පිල්ලි සෙට්එක රට පාලනය කරන තාක් ලංකාව දියුණුවට යන්න බෑ. අතහැර දමල රට යන එක එකම විසඳුම....
ඕගොල්ලෝ ජීවත් වෙන ක්‍රමයට වැටුප් හදන්න බැහැ. ලැබෙන වැටුපට අනුව ජීවිතේ හදා ගන්න බැරිනම් යන්න. මොකද ඔහෙලා උපදින විටම ගුවන් ගමන් පාලකවරු හැටියට ඉපදුනේ නැහැනේද? පුහුනුවක් ලැබිලා තමයි ඔය තත්වයට ආවේ. ඒ පුහුණුව මුලික සුදුසුකම් ඇති අයට දීලා ඔවුන් පුහුණුකර සේවයට ගන්නම්.
එක වතාවක් රට අත ඇරලා ගිහින් නැවතත් මව් රටට ඇවිල්ලා වැඩ කරා...පස්සේ දෙවෙනි වතාවටත් ආයෙත් රට අත ඇරලා ගියා බැරිම තැන...මොනම පක්ෂ දේශපාලනයක් නැති තැන් වල පවා දුෂණය, නාස්තිය, කම්මැලි කම පිළිකාවල් වගේ දරුණුවට තියෙනවා. සාමාන්‍ය මිනිස්සු පවා අධික ලෙස දුෂිත ක්‍රමයකට හිතන්න, වැඩ කරන්න සහ ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. ඇත්ත තත්වය තමයි තරුණ පරපුරත් කලින් හිටපු දුෂිත පරපුරවල් වලට දෙවෙනි නැහැ. ඒ තරමටම කුණු වෙලා තියෙන්නේ රට...ඇත්තටම රට හැදෙයිද කියලා ලොකු සැකයක් තියෙනවා.