IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විමල්ගෙන් සියඹලාපිටියට ලිපියක්

(සුජිත් හේවාජුලිගේ )

ආබාධිතයන් පාවිච්චි කරන කිහිලිකරු, රෝද පුටු සහ ශ්‍රවණාධාරක ඇතුළු සහයක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය.

බදු අය කරන උපකරණවලින් වැඩි කොටසක කාණ්ඩ අංක ඇතුළත් ලේඛනයක්ද එම ලිපිය සමඟ යොමු කරනු ලැබ ඇත.

ආබාධිතයන් පාවිච්චි කරන සහයක උපකරණවල මිල ගණන් නව බදු සංශෝධන හේතුවෙන් සියයට 400 කින් පමණ වැඩිවී ඇතැයි රටට මුලින්ම තොරතුරු අනාවරණය කළේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාය.

සහයක උපකරණවලට අධික බදු අය කිරීමෙන් ආබාධිතයන් අන්ත අසරණ තත්වයකට පත්වන බව වලේබොඩ මහතා එහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ විවිධ ආබාධවලට ගොදුරු වූ පුද්ගලයෝ විසි ලක්ෂයකට ආසන්න පිරිසක් සිටිති.

 



අදහස් (0)

විමල්ගෙන් සියඹලාපිටියට ලිපියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site