(යොහාන් භාසුර)

ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර තිබේ.

ඒ මහතා 2020 ජුලි මස 15 වන දින වයිස් අද්මිරාල් නිලයට උසස් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් රාජකාරී ආරම්භ කළ අතර වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් පසු නාවික හමුදාධිපතිවරයා වෙනුවෙන් සම්මාන ආචාර මුරයක් පිරිනමා නාවික හමුදා මූලස්ථානයේදී පිළිගත්තේය.

ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් 1985 වර්ෂයේ 13 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්ව නාවික හමුදාව සහ මව්බිම වෙනුවෙන් අනභිභවනීය සේවයක් ඉටු කළ නාවික හමුදාධිපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වසර 37 කට අධික නාවික හමුදා සේවයෙන් අද (18) දින විශ්‍රාම යාමට නියමිතය.