(වයි.ඵ්.ඵස් වීරවංශ)

සබරගමුව විශ්ව විද්‍යාලයෙන් ඉවත් කරන කැලි කසල කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය අසල ඇති පබහින්න සුරතලි ඇල්ල අසලට ගෙනවිත් දැමිම හේතුවෙන් එම දිය ඇල්ල විනාශ වීමෙ තර්ජනයට ලක්ව ඇතැයි ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දික ජයමාන්න මහතා සඳහන් කළේය.

ඉකුත් 16 දින රාත්‍රියේ විශාල ලොරි රථ කිහිපයකින් මෙලෙස කැලි කසල ගෙනවිත් දමා තිබේ.

ප්‍රදේශවාසින් පිරිසක් මෙ පිලිබදව සමනළ වැව පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චින්තක විජේසිංහ මහතා ඇතුළු කංඩායමක් විසින් පරීක්ෂණ ආරම්භ කර කැලි කසල ගෙනවිත් දැමු බවට සැක කෙරෙන සැක කරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන  තිබිණි.

අප මේ පිළිබඳව සබරගමුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උදය රත්නායක මහතා ගෙන් විමසූවිට ඔහු කියා සිටියේ විශ්ව විද්‍යාලයේ කැලි කසල ඉවත් කිරීමට පෞද්ගලික ආයතනයකට කොන්ත්‍රාත් ලබා දි ඇති බවයි

කෙසේ වෙතත් අදාල කොන්ත්‍රාත්කරුවන් කැලි කසල නිසි ලෙස බැහැර කර නොමැති බව උප කුලපතිවරයා සදහන් කලේය ඵ් පිළිබඳව ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් පෙරේදා 17 දින සමනළ වැව පොලිසිය,ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව, ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ ප්‍රදේශ වාසින් එක් වි එම කැලි කසල එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.