(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය සරසවියේ කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුවකු අධික බීමතින් පැමිණ එම පීඨයේම පළමු වසරේ සිසුවකුට පහර දීම හේතුවෙන් එම සිසුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි.
මෙම පහරදීම එම විශ්වවිද්‍යාලයේ අයිවර් ජෙනිග්ස් නේවාසිකාගාරය තුළදී සිදු වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පහරකෑමට ලක්වූ සිසුවා කලා පීඨයේ පළමු වසරේ සිසුවකු වන අතර ඔහු නෝට්න් බ්‍රිඩ්ජ් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පහර දුන් සිසුවා විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසරේ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි. තමන් නේවාසිකාගාරයේ සිටියදී සිසුන් හතර දෙනකු පැමිණි බවත් ඉන් එක් සිසුවකු තමන්ට පහර දුන් බවත් සිසුවා පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සිද්ධිවලට උපරිම දඬුවම් දීලා මෙවැනි සිසුන් විශ්වවිද්‍යාලයෙන්න නෙරපා දැමිය යුතුයි. මේ වගේ මදාවියෝ නිසා අහිංසක අම්මලා තාත්තලාගේ අහිංසක දරුවෝ මොනතරම් දුක් විඳිනවද?
වතු දෙමළ සහ යාපනයේ දෙමළ ගැටුම ප්‍රසිද්ධ එකක්. එයාලගේ කුල භේදය නිසා ගැටුම් ඇති වෙනවා හරියට විශ්ව විද්‍යාල වල. පේරාදෙණියේ වරප්‍රගාශ් ඝාතනයට මුල් වුනෙත් ඔය කුල ප්‍ර්‍රශ්නෙ තමයි.