(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය සරසවියේ කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුවකු අධික බීමතින් පැමිණ එම පීඨයේම පළමු වසරේ සිසුවකුට පහර දීම හේතුවෙන් එම සිසුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි.
මෙම පහරදීම එම විශ්වවිද්‍යාලයේ අයිවර් ජෙනිග්ස් නේවාසිකාගාරය තුළදී සිදු වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පහරකෑමට ලක්වූ සිසුවා කලා පීඨයේ පළමු වසරේ සිසුවකු වන අතර ඔහු නෝට්න් බ්‍රිඩ්ජ් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පහර දුන් සිසුවා විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසරේ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි. තමන් නේවාසිකාගාරයේ සිටියදී සිසුන් හතර දෙනකු පැමිණි බවත් ඉන් එක් සිසුවකු තමන්ට පහර දුන් බවත් සිසුවා පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජ්‍යෙෂ්ඨ සරසවි සිසුවාගේ පහරින් කනිෂ්ඨ සිසුවා රෝහලේ
Senarath Monday, 19 December 2022 09:24 AM
මේ වගේ සිද්ධිවලට උපරිම දඬුවම් දීලා මෙවැනි සිසුන් විශ්වවිද්‍යාලයෙන්න නෙරපා දැමිය යුතුයි. මේ වගේ මදාවියෝ නිසා අහිංසක අම්මලා තාත්තලාගේ අහිංසක දරුවෝ මොනතරම් දුක් විඳිනවද?
කසුන් Monday, 19 December 2022 11:10 AM
වතු දෙමළ සහ යාපනයේ දෙමළ ගැටුම ප්‍රසිද්ධ එකක්. එයාලගේ කුල භේදය නිසා ගැටුම් ඇති වෙනවා හරියට විශ්ව විද්‍යාල වල. පේරාදෙණියේ වරප්‍රගාශ් ඝාතනයට මුල් වුනෙත් ඔය කුල ප්‍ර්‍රශ්නෙ තමයි.