අධිකරණයට අපහාස කළ වැලිකන්ද සභාපති කූඩු කරයි
අධිකරණයට අපහාසාත්මක වන අයුරින්,අධිකරණය තුළ කකුලක් උඩ කකුලක් තබාගෙන සිටියැයි කියන සිද්ධියකට වැලිකන්ද ප්රාදේශිය සභාවේ සභාපති නිමල් අධිකාරි මහතා, අධිකරණ ශාලාවේ සිර මැදිරිය තුළ පැය තුනක් රඳවා කර තබන්නැයි පොලොන්නරුව මහේස්ත්රාත් එම්.එම්. ෆාතිමා මින්හා මහත්මිය නියෝග කළාය.