IMG-LOGO

අනුරාධපුර-වවුනියාව දුම්රිය ධාවනය හෙට සිට නවතී

(යොහාන් භාසුර)

මහව සිට ඕමන්තය දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ පළමු මුලික අදියර වන අනුරාධපුර සිට වවුනියාව අතර දුම්රිය ධාවනය හෙට (5) සිට අත්හිටුවයි.

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 91 කට අධික මුදලක් වියදම් කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

මෙම වසා දැමීමත් සමඟ කොළඹ සිට කන්කසන්තුරය දක්වා දිනකට ක්‍රියාත්මක වන දුම්රිය ගමන් වාර හතර අවලංගු කිරීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වන බවත් පවතින දුම්රිය මාර්ගය ගලවා නවීකරණය කිරීම වෙනුවට ද්විත්ව මාර්ගයක් ඉදිකර කාලය අවම කර දුම්රිය ධාවනයට අවශ්‍ය කටයුතු සිදු කිරීම අත්‍යවශ්‍ය බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

මෙවැනි ජාතික ව්‍යපෘති හරහා සිදුවන රාජ්‍ය මුදල් අවභාවිතය වෘත්තිය සමිතියක් ලෙස විරුද්ධ වීමට හේතුව දුම්රියක් කිසිදා දැක නොමැති මෙරට ජනයාගේ මුදල් පවා මෙම දුෂිත ගනුදෙනුවලට වැයවන නිසා බවත් මේ පිලිබදව විරෝධතා දිගින් දිගටම පාලනාධිකාරියට සහ ජනාධිපතිවරයාට යොමුකළ ද නිසි අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක් බවත් එම සංගමය කියයි.

මෙම මාර්ගය තනි මාර්ගයක් ලෙස නවීකරණය කිරීමට අවශ්‍යතාවය පැවතියේ නම් කොවිඩ් වසංගතය හමුවේ දුම්රිය ගමනාගමනය නතර කර පවතී සමයේදී සැලසුම් කර පවතී ආකාරයෙන්ම සිදු කිරීමට හැකියාව තිබූ බව කියන දුම්රිය ස්ථානාධිපති සංගමය එම කාලයේදී එම ව්‍යාපෘතිය නතර කර නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීම මගින්ම ව්‍යපෘති සැලසුම්කරණය පිළිබද මෙම නිලධාරීන්ගේ අවබෝධය පිළිබද මෙරට සියළු ජනතාව තේරුම් ගැනීම සුදුසු බව ද සඳහන් කළේය.



අදහස් (0)

අනුරාධපුර-වවුනියාව දුම්රිය ධාවනය හෙට සිට නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1009 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site