(මනෝප්‍රිය ගුණසේකර)

විශ්‍රාමික නීතීපතිවරයකුගේ සේවය ගැනීම නිසා අත්අඩංගුවට ගත් තිදෙනකුට නඩු පවරන්නේම නැතිව නිදහස් කළ නීතීපතිවරයා විශ්‍රාමික නීතීපතිවරයාගේ ගාස්තුව ගෙවීමට නොහැකි වු මට විතරක් නඩු පැවරුවා යැයි ව්‍යාජ ලෙස පුද්ගලයින් විදේශ ගත කළ බවට චෝදනා ලැබු ගුවන් සේවා නිලධාරියකු විත්ති කූඩුවේ සිට හඬා වැටෙමින් මීගමුව මහෙස්ත්‍රාත් චම්පික රාජපක්‍ෂ මහතා හමුවේ පැවසීය.

ජංගම දුරකථනයට කෙටි පණීවුඩයක් ලැබුණයි කියන පදනම යටතේ නීතීපතිවරයාගේ උපදෙස් මත මට විතරක් පැවරූ නඩුව නිසා අවුරුදු 11ක් තිස්සේ තමා උසාවි එන බවත් නඩුව ගැන කල්පනා කරලම විදුහල්පතිවරයකු වු තම පියා සිහිකල්පනාවත් නොමැතිව රෝගී වී ඇති බවත් පැවසු ව්‍යාජ ලෙස පුද්ගලයින් විදේශ ගත කළ බවට චෝදනා ලැබු තාරක මිහිනාථ මහතා තමාට සිදුවු දේ මේ ලෝකේ කිසිවෙකුටත් නොවේවා යැයි විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් පාර්ථනා කළේය.

අවුරුදු එකොළහකට පස්සේවත් තමාට යුක්තිය ඉෂ්ඨ කරදෙන්නැයි තාරක මිහිනාථ මහතා විත්ති කූඩුවේ හඬා වැටෙමින් මීගමුව මහෙස්ත්‍රාත් චම්පික රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය