(සුජිත් හේවාජුලිගේ)
රජයේ ඖෂධ නීතිගත සංස්ථාව බාල ඖෂධ (වෛද්‍ය සැපයුම්) සැපයු සැපයුම්කරුවන්ගෙන් රුපියල් නව කෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක්(2020 දෙසැම්බර් 31 වෙනි දිනට) අයකරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ඖෂධ නීතිගත සංස්ථාව දේශීය සහ විදේශීය වෙළෙඳපොළේ සැපයුම්කරුවන් පිරිසකගෙන් මෙම වෛද්‍ය සැපයුම් මිලදීගෙන ඇතැයි පැවසෙන්නේ 2015 වර්ෂයේ සිට 2020 දක්වාවූ කාල පරිච්ඡේදයේදීය.
එසේම සංස්ථාව එම මුදල ගිණුම් ගත කිරීමට හෝ හෙළිදරව් කිරීමට හෝ කටයුතු කර නොතිබූ බවද වාර්තාවේ දැක්වේ.
වෛද්‍ය සැපයුම් තත්වයෙන් අසමත්වීම, අඩුවෙන් සැපයීම, ප්‍රතික්ෂේපිත තොග පැවතීම හා හානිවූ තොග පැවතීම යනාදී කරුණු හේතුවෙන් සැපයුම්කරුවන්ගෙන් එම මුදල අය කර ගැනීමට නියමිතව තිබිණ.
මේ අතර ඔසුසල් මගින් අලෙවි කිරීම සඳහා1996 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාල පරිච්ඡේදයේදී මිලදී ගෙන තිබුණු වෛද්‍ය සැපයුම්වලින් 2020 දෙසැම්බර් 31 වන දිනට තත්වයෙන් අසමත්වී තිබූ වෛද්‍ය සැපයුම්වල පිරිවැය රුපියල් කෝටි 11කට වැඩි වුවත් භෞතික තොග සමීක්ෂණ වාර්තාවේ පිරිවැය ලෙස සඳහන් වූයේ නව කෝටියක් බවද විගණන අංශ සඳහන් කළේය.
ඒ අනුව එහි වෙනස රුපියල් දෙකෝටියක් පමණවූ බව විගණන නිලධාරීහු පෙන්වා දෙති
මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd