(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වැඩිම අළෙවියක් ඇති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලකයක මිල ඩොලර් 88.10 ක් දක්වා පහත වැටී ඩොලර් 3.81 කින් මිල අඩු වී ඇති අතර එම මිල පහත වැඩීමේ ප්‍රතිශතය සියයට 5 කට ආසන්න වේ.
සෙසු බොරතෙල් වර්ගවල මිල ද සියයට 5 කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ලෝකයේ වැඩිම ඉන්ධන පාරිභෝජක රටවල්වල ඉල්ලුම අඩුවීම සහ ගෝලීය ආර්ථික අර්බුදය මෙම තත්වයට හේතුවී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අපිනම් ඉන්ධන මිල වැඩි කරන්නයි යන්නේ...!