(යොහාන් භාසුර)
ප්‍රවේශ පතක් නොමැතිව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මහනුවර බලා යෑමට උත්සාහ කළ නාවලපිටිය සහකාර ප්‍රවාහන අධිකාරිවරයෙක් දුම්රිය නියාමකවරයෙක් සමඟ ගැටුමක් ඇතිකරගැනීම නිසා දුම්රිය ප්‍රමාද වීමේ සිද්ධියක් වාර්තා වේ.
කොළඹ කොටුව සිට මහනුවර බලා පස්වරු 3.35 ට ධාවනය ආරම්භ කිරීමට නියමිතව තිබූ නගරාන්තර දුම්රිය එම ගැටුමක් හේතුවෙන් විනාඩි 30 ක් පමණ ප්‍රමාද වී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ බවත් කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රවාහන අධිකාරිගේ වැඩෙන් අඩ පැයක් දුම්රිය ප්‍රමාද කරලා
APerera Wednesday, 04 January 2023 06:17 PM
ප්‍රවාහණ අධිකාරියෙ උත්තමයාව නිදොස් කොට නදහස් කරලා, ටිකට් එක චෙක් කරපු මනුස්සයාගේ වැඩ තහනම් නොකළොත් මේ ලංකාව නොවෙයි...
sampath Wednesday, 04 January 2023 06:55 PM
ඔය වගේ බඩු තමයි ඔවයේ ඉන්නේ. හැමදාමත් කියන්නේ ඕවා පරණ යකඩ වලට වික්කත් ලාබයි කියන්නේ මේක නේ. මගීන් දහස් ගණන් මහපාරේ රස්තියාදු කරන එක එයාලට විනෝදයක්. ඔය වගේ හිපාටුවෝ එලවන්න ලොක්කෝ බයයි. මම හිටියනම් වහාම සේවයෙන් පහර කරලයි විමර්ශන පටන් ගන්නේ. ඔය වගේ නටන්න දෙන්නේ නෑ. මහජන මුදල් කාබාසිනියා කරන්නේ මේයලා. ඒත් පෙන්නන්නේ දේශපාලකයන්.
අධිකාරී Thursday, 05 January 2023 06:46 AM
එහෙම නැතුව කොහොමද මම පාවිච්චි කරන්නෙ මයි කාර් මයි පැට්‍රෝල් නේ ඉතින් කාටවත් තියෙන රුදාව මොකක්ද උඹලට ඕන නම් උඹලත් හදාගනිල්ලා
Ravindu Thursday, 05 January 2023 01:22 PM
ඔය සහකාර ප්‍රවාහන අධිකාරිලා දෙන්නෙක් ඉන්නවා නාවලපිටියේ. තව ප්‍රවාහන අධිකාරිි කෙනෙක් ඉන්නවා. හිටියට වැඩක් නැහැ... සේවකයාට කෙලවලා දාන්න විතරයි.. ඒ තුන්දෙනා දන්නේ. සේවක සුබ සාධනයත්, දුම්රිය දියුණු කරන්නවත්, දුමරිය ස්ථානවල, දුම්රියවල ගැටලු විසදන්නවත් නෙවෙයි.. ඔවුන්ට ඕනෑ තමන්ගේ තනතුර පෙන්නලා පොර වෙන්න. දවස් ගණන් රැයක්, දවාලක් නැතිව වැඩ කරපු කීයකගේ වැඩ නැවැත්තුවාද? පෞද්ගලික තරහ පිටින් දාලා. ඔහොම වෙලා මදි....