
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය සමඟ එක්ව ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා 550ක් තහවුරු කර ගැනීමට සමත්වූ බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවා අංශයේ බඳවා ගැනීම් සිදුකරන සමාගමක් සමඟ මේ පිළිබඳ ගිවිසුමකට එළඹ ඇති අතර එම ගිවිසුමට අනුව ලියාපදිංචි හෙදියන් 250 කට රසායනාගාර තාක්ෂණ ශිල්පීන් 100 කට සහ හෙද සහායිකාවන් 200 කට ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා හිමිවනු ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය එම රැකියා අවස්ථා සඳහා බඳවා ගැනීම් දේශීයව සිදු කරනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට ලංකාවට වෙන්නෙ මිනිස්සුත් නෑ සල්ලිත් නෑ
මුං හරියට වැඩ කරන්නේ ලංකාවේ සෞඛ්‍ය සේවයේ අතිරික්තයක් ඉන්නව කියල හිතාගෙන. GMOA කාරයෝ වැඩ කරේ ෞඛ්‍ය සේවය කිසිදු සෙට් එකට උපාධියක් ලබා ගැනීමට නොහැකි වන පරිදි. දොස්තරලාට ඇමරිකාවේ යාමට අමාරු වුනත් සෙසු ක්ෂේත්රයේ අයට එච්චර අමාරු නෑ. නමුත් ඔවුන්ට උපාධියක් නොමැති කම තමා තියෙන ලොකුම ගැටලුව. ඒකට ඔය GMOA කාරයෝ තමයි වගකියන්න ඕන
දේශපාලනේ කරන ඈයෝ හිතන් ඉන්නේ රටට ඕන සල්ලි විතරයි කියලා...
ඇමැතිලගේ ගොට්ට අල්ලන අයට ප්‍රමුඛත්වය ලැබෙයි..