IMG-LOGO

ඇමෙරිකාවෙන් ලාංකිකයන්ට රැකියා

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය  සමඟ එක්ව ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා 550ක්  තහවුරු කර ගැනීමට සමත්වූ බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවා අංශයේ බඳවා ගැනීම් සිදුකරන සමාගමක් සමඟ මේ පිළිබඳ ගිවිසුමකට එළඹ ඇති අතර එම ගිවිසුමට අනුව ලියාපදිංචි හෙදියන් 250 කට රසායනාගාර තාක්ෂණ ශිල්පීන් 100 කට සහ හෙද සහායිකාවන් 200 කට ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා හිමිවනු ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය එම රැකියා අවස්ථා සඳහා බඳවා ගැනීම් දේශීයව සිදු කරනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.



අදහස් (4)

ඇමෙරිකාවෙන් ලාංකිකයන්ට රැකියා

Perera Thursday, 05 January 2023 10:28 AM

අන්තිමට ලංකාවට වෙන්නෙ මිනිස්සුත් නෑ සල්ලිත් නෑ

:       2       11

Mo77 Thursday, 05 January 2023 10:30 AM

මුං හරියට වැඩ කරන්නේ ලංකාවේ සෞඛ්‍ය සේවයේ අතිරික්තයක් ඉන්නව කියල හිතාගෙන. GMOA කාරයෝ වැඩ කරේ ෞඛ්‍ය සේවය කිසිදු සෙට් එකට උපාධියක් ලබා ගැනීමට නොහැකි වන පරිදි. දොස්තරලාට ඇමරිකාවේ යාමට අමාරු වුනත් සෙසු ක්ෂේත්රයේ අයට එච්චර අමාරු නෑ. නමුත් ඔවුන්ට උපාධියක් නොමැති කම තමා තියෙන ලොකුම ගැටලුව. ඒකට ඔය GMOA කාරයෝ තමයි වගකියන්න ඕන

:       2       18

Chinthaka Thursday, 05 January 2023 12:55 PM

දේශපාලනේ කරන ඈයෝ හිතන් ඉන්නේ රටට ඕන සල්ලි විතරයි කියලා...

:       1       0

fairoos Thursday, 05 January 2023 01:27 PM

ඇමැතිලගේ ගොට්ට අල්ලන අයට ප්‍රමුඛත්වය ලැබෙයි..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site