
(නිමල් ජයරත්න)
අධිකරණයට අපහාසාත්මක වන අයුරින්,අධිකරණය තුළ කකුලක් උඩ කකුලක් තබාගෙන සිටියැයි කියන සිද්ධියකට වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපති නිමල් අධිකාරි මහතා, අධිකරණ ශාලාවේ සිර මැදිරිය තුළ පැය තුනක් රඳවා කර තබන්නැයි පොලොන්නරුව මහේස්ත්‍රාත් එම්.එම්. ෆාතිමා මින්හා මහත්මිය නියෝග කළාය.
වැලිකන්ද ප්‍රාදේශීය සභාව, රුහුනුකෙත තානායමක සංවිධානය කරන ලද උත්සවයක් සඳහා අනවසරයෙන්, විදුලිය ගත්තැයි කියන සිද්ධියකට සභාවේ විදුලි කාර්මිකයා, ඇතුළු දෙදෙනකු ,විදුලිබල මණ්ඩලයේ කොළඹ විශේෂ වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විභාග වන නඩුව සොයා බැලීමේ අවස්ථාවට සහභාගිවූ සභාපතිවරයා එලෙස අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීමේ චෝදනාව මත එසේ සිර කර තැබීය.
පොලොන්නරුව මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත්වරිය තරයේ අවවාද කර මුදා හැරීමට නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ.කලින් උසාවියට බරපතළ ලෙස අපහාස කරපු සනත් නිශාන්ත කියන දේශපාලුවාට මොකද උනේ..?
විනිශ්චයකාරතුමියට ගරු කරමු. මෙයා හිතන්න ඇති එතැනත් ලොක්කා වගේ ඉන්න රාජපක්ෂ බලය භාවිතා කරලා...!
යටට වවුලෙක් ඇඳගෙන ඉන්න ඇති . නැත්තන් දඩය ඩබල් වෙනවා