ගල්අඟුරු ටොන් 60,000 ක් එයි ගල්අඟුරු මෙටි්රක්ටොන් 60,000 ක් රැගත් නෞකාවක් අද (6) ශ්‍රී ලංකාවට ළගාවූ බවත් එම ගල්අඟුරු තොගය ගොඩබෑම මේ වන විට ආරම්භ කර ඇති බවත ලංකා ගල්අඟුරු සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 06 January 2023
හොරෙන් ගෙනා රතු සීනි තොගයක් රේගුව අල්ලයි සුදු සීනි යැයි රේගුවට ප්‍රකාශ කරමින් ඉන්දියාවෙන් ආනයනය කළ රතු සීනි මෙට්‍රික්ටොන් 600 ක් පෑලියගොඩ පිහිටි රේගුව ගබඩාවේදී අද (6) භාරයට ගැනීමට රේගු නිලධාරීහූ සමත් වූහ. 06 January 2023
ක්‍රෙඩිට් කාඩ් ලක්ෂ 5කින් මුදල් වංචා කළ අයෙක් මාට්ටු අන්සතු ක්‍රෙඩිට් කාඩ්පත් ලක්ෂ 5ක දත්ත අනවසරයෙන් ගබඩා කරගෙන ඒවා උපයෝගී කරගනිමින් රුපියල් ලක්ෂ ගණනින් භාණ්ඩ මිලදී ගත් 18 තරුණයකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 06 January 2023
ට්විටර් ග්රාහක මිලියන 200කගේ ඊමේල් හැකර්වරුන් අතට හැකර්වරුන් කණ්ඩායමක් මිලියන 200 කට අධික ට්විටර් පරිශීලකයන්ගේ විද්‍යුත් ලිපින සොරකම් කර අන්තර්ජාලයේ හැකර් කණ්ඩායම් භාවිත කරන වෙබ් අඩවියක පළකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 06 January 2023
ඖෂධ සංස්ථාවේ හදිසිය අතේ පත්තු වෙයි වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සඳහා හදිසි යැයි පවසමින් රජයේ ඖෂධ නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී මිලට ගත් එන්නත් ඒකක 7000 කින් 5612ක් 2020 වර්ෂයේ ජුලි 16 වැනිදා වනවිටත් ගබඩාවල ඉතිරිව තිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 06 January 2023
සේපාල අමරසිංහ රිමාන්ඩ් දළදා වහන්සේට අපහාස කර බෞද්ධ ජනතාව තුළ කැළඹීමක් ඇති කළ යි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ මහතා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (06) නියෝග කළාය. 06 January 2023
ලාෆ් ගෑස් මිලත් පහළට ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 220 කින් පහළ දැමූ බවත් ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,080 ක් බවත් ලාෆ්ස් ගෑස් සමාගම අද (6) පැවසීය. 06 January 2023
ජීවිත 8ක් අහිමි කළ දික්කසාද නඩුව තම බිරිඳ දික්කසාද නඩුවක් ගොනු කිරීම හේතුවෙන් මුළු පවුලම ඝාතනය කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇත. 06 January 2023
කෝප් කමිටුවෙන් චාරිකා වටයක් දූෂණ වංචා සහ අක්‍රමිකතා චෝදනා ඇති රජයේ ආයතන කැඳවීමට පෙර ඒ ආයතනවල ක්ෂේත්‍ර චාරිකාවන්හි නිරතව පුළුල්ව කරුණු සොයා බැලීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. 06 January 2023
සුපිරි වෙළෙඳසැල්වලට සොරුන්ගෙන් හිරිහැර රට පුරා සුපිරි වෙළෙඳසැල්වල භාණ්ඩ සොරකම් කිරීම් ඉහළ ගොස් ඇති බවත් කොළඹ සහ අවට ප්‍රදේශවල සුපිරි වෙළෙඳසැල්වල භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධීන් නිරන්තරයෙන් වාර්තා වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 06 January 2023
මනුෂට කෝප් කමිටුවේ අප්‍රසාදය කම්කරු සහ රැකිරක්ෂා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විගණකාධිපතිවරයාගේ කාර්යභාරය සහ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුවේ) බලතල දැඩි ලෙස විවේචනය කිරීම සම්බන්ධයෙන් එම කමිටුවේ දැඩි අප්‍රසාදය පළවිය. 06 January 2023
පොලිස් ලොක්කෝ 10කට ස්ථාන මාරු නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු, පොලිස් අධිකාරිවරු පස් දෙනෙකු පොලිස් අධිකාරිවරයෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු දස දෙනෙකුට ස්ථාන මාරුවීම් හා නව තනතුරු ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි 06 January 2023
ලංකාවට එවන්න හැදූ මත්පෙති තොගයක් ඉන්දියාවෙදී මාට්ටු ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා සුදානම් කර තිබූ මත් කරල් ලක්ෂ 6 ක් අත් අඩංගුවට ගැනීමට තමිල්නාඩු පොලිසිය සමත්ව ඇත. 06 January 2023
මවට පහරදුන් පුතා පියාගේ පහරින් මරුට බීමත්ව පැමිණ තම මවට පහර දුන් පුතකු පියා සිදු කළ පහර දීමක් හේතුවෙන් පුතා ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි. 06 January 2023
දෙමළ ජාතික සන්ධානය නිවස හදයි දෙමළ ජාතික සන්ධානය එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් මැතිවරණයට තරඟ කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා පැවසීය. 06 January 2023
කම්කරු කොංග්‍රසය කුකුලා අත් නොහරී පළාත් පාලන මැතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්රසය කුකුලා ලංජනයෙන් තරග කිරිමට එකගතාවයකට පැමිණ ඇති බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසිය. 06 January 2023
රටවල් තුනක් සමග වෙළෙඳ ගිවිසුමකට සාකච්ඡා චීනය, තායිලන්තය සහ ඉන්දියාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළඹීම සඳහා නැවත වරක් සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. 06 January 2023
නිමල් සිරිපාලගෙන් දොඩම් දන්සලක් කොළඹ වරායෙන් නිදහස් කර නොගැනුණු කහ දොඩම් කිලෝ 72,000 ක් (බහලුම් තුනක්) රෝහල්වලට බෙදා හැරීම සඳහා වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට බාරදෙනු ලැබීය. 06 January 2023
පුනරුත්ථාපනය වී දින 10කට පසු මත් කරල් සමග මාට්ටු පුනරුත්ථාපන කඳවුරක සිට නිදහස්ව දින දහයෙන් හඳුනා නොගත් මත් කර 38 සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය පවසයි. 06 January 2023
සීනි කම්හලෙන් පිත්තල උස්සලා වසර ගණනාවක සිට වසා දමා තිබු කන්තලේ සීනි කම්හලේ ගබඩාව කඩා එහි තිබු පිත්තල කරාම තඹ කොටස් තොගයක් ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටි තිදෙනකු සීනිපුර අංක 01 බාධකයේදි අත්අඩංගුවට ගත් බව අග්බෝපුර පොලිසිය කියයි. 06 January 2023
දරුවකු පැහැරගත් කතක් මාට්ටු දස හැවිරිදි දරුවකු පැහැරගෙන සිර කරගෙන සිටි කාන්තාවක රන්දිය උයන හේනමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 06 January 2023
හංවැල්ලේ වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට හංවැල්ල නගරයේ හරස් පාර ප්‍රදේශයේ ආපනශාලාවක හිමිකරුවකුගේ පපුවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු පොලිසිය සමග හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගිය බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසයට කියයි. 06 January 2023
අද ගැන කාලගුණයේ අණාවැකිය උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (6) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 January 2023
යුක්රේනයේ දෙදින සටන් විරාමයක් ‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කළේය. 06 January 2023
හමුදා සේවයේ සිටිද්දී හැරී කුමරු 25 ක් මරලා බ්‍රිතාන්‍ය හමුදාවේ, ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස සේවය කළ කාලයේ තමන් ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වලදී සතුරන් 25 දෙනකු මරා දැමූ බව හැරී කුමරු පවසා ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. 06 January 2023
එක මතයකට එන්න ජනපති මැතිවරණ කොමිසමට කියයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත හතරක් නොදරමින් එක මතයකට පැමිණ කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනාට අද (5) දැනුම් දුන්නේය. 05 January 2023
තරුණ ජීවකයකුගෙන් බසයකදී හෙදියකට අමුතු ප්‍රතිකාරයක් බස් රථයක් තුළදී නාවික හමුදා හෙදියකගේ ඇඟට හේත්තු වී ඇයට හිරිහැරයක් වන ආකාරයට කටයුතු හැසිරුණැයි කියන වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 05 January 2023
දළදා වහන්සේට අපහාස කළ අයකු අල්ලයි මහනුවර දළදා ශ්‍රි මාළිගාව ට අපහස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. 05 January 2023
වෑන් - ලොරි ගැටී පා පැදිකරු මරුට පාරේ ගමන් කළ පාපැදිකරුවකු අනතුරකින් බේරීමට ලොරියක් තිරංග තද කළ අවස්ථාවේදී පිටුපසින් ආ වෑන් රියක් ලොරියේ ගැටීමෙන් විසිවී ගිය ලොරිය පාර මැද පෙරලෙද්දී පාපැදිකරු ඊට යටවී මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි . 05 January 2023
බුද්ධි වික්‍රම රඟ මඩලෙන් බැසයයි දශක හයකට ආසන්න කාලයක් මෙරට වේදිකා, චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල චරිතාංග රංගන ශිල්පියකු වූ බුද්ධි වික්‍රම මහතා හෝමාගම රොහලේදී අද (5) සවස අභාවප්‍රාප්ත වූයේය. 05 January 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026