ඉරාන ගොවිපොළක හිර කරන් සිටි ලාංකිකයෝ බේරා ගනිති
කුවේට් රාජ්‍යයේ ඉරාන දේශසීමාව ආසන්නයේ පිහිටි කාන්තාරයක පවත්වා ගෙන ගිය ගොවිපළක බලහත්කාරයෙන් රදවා ගනිමින් , පහර දෙමින් , ආහාර සහ වැටුප් ලබා නොදෙමින් වැඩ ගනිමින් සිටි ශ්‍රී ලාංකික තරුණයන් 06 දෙනෙකු බලවත් පරිශ්‍රමයක් දරා එයින් බේරා ගෙන අද 9 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .