(මුදිතා දයානන්ද)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් සඳහා 2021 වසරේ වැටුප් හා දීමනා ලෙස ගෙවා ඇති රුපියල් කෝටි 603කට ආසන්න මුදලෙන් වැඩි ප්‍රතිශතයක් වෙන්කර තිබෙන්නේ අතිකාල ගෙවීම සඳහා බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.
වැටුප් හා දිමනා සඳහා 2020 වසරේදි වැය වි තිබෙන්නේ කෝටි 494ක් බවද එම වාර්තාවේ සඳහන් වේ.
සංස්ථාවේ සේවය කරන 2296ක් වන සේවකයන්ගෙන් 998ක් තමන්ගේ මූලික වැටුපෙන් සියයට පනහකට අධික මුදලක් අතිකාල ලබන බවද සේවකයින් 391ක් එනම් සමස්ත සේවක සංඛ්‍යාවෙන් සියයට 17ක් මුලික වැටුපෙන් සියයට සීයකට අධික අතිකාල දීමනාවක් ලබන බවද එම වාර්තාවේ සඳහන් වේ.
එසේම සේවකයන් 16 දෙනකු තමන්ගේ මූලික වැටුප මෙන් සියයට දෙසීයක අතිකාල දීමනාවක් ලබන බවද එම වාර්තාවේ සඳහන් වේ.
බොහෝ සේවකයන්ගේ වැටුප්වලින් සැළකිය යුතු ප්‍රමාණයක් ණය සඳහා කපාගැනීමට සිදුව ඇති බවද ඒ නිසා ඇත්ත අතිකාල සේවාවක් අවශ්‍ය නොවන අවස්ථාවලද ඔවුන්ට අතිකාල සේවයේ නිරත වීමට ආයතනය ඉඩ දි ඇති බවද ඒ අනුව මේතරම් විශාල අතිකාල දීමනාවක් ගෙවීමට සිදුව ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
මේ බව සඳහන් වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතූලත් කර තිබෙන 2021 වසරේ වාර්ෂික විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙල් සංස්ථාව 2021 පඩි දුන් හැටි විගණනයෙන් එළියට
Namal Sunday, 08 January 2023 10:39 PM
මීට වැඩිය හොඳයි හිඟාකෑවානම්... මේ අයට හොඳක් වෙන්නේ නැහැ...
Rasi Monday, 09 January 2023 08:12 AM
ආයතන සංග්‍රහය අනුව, වැටුපෙන් සියයට හතළිහකට වඩා ගෙවීමට ණය අනුමත කිරීම ආයතන ප්‍රදානින්ට නොහැකි වගේම සහ එය බරපතල වරදක්. මෙය බොහෝ රාජ්‍ය ආයතන මගින් කර මේ ආයතන සියල්ල විනාශ කර හමාරයි. සේවකයන්ද මේ මගින් දැඩි ලෙස ණයවී තම ජීවිත මේ රට වගේම අගාදයකට වැටි අවසානයි. මෙයින්ම පේනවා රට වැටි ඇති අඳුරු ආගාධය.
Lalla Monday, 09 January 2023 08:39 AM
ඛනිජ තෙල් සංස්ථාව - වාහන අවභාවිත කරනව? සේවක සංගම් වල ප්‍රධානීන්ට රියඳුරන් සමඟ වාහන ලබාදෙනව. ආරක්ෂක අංශයේ අප ප්‍රදේහයේ සිටින සේවක සංගමයක ලේඛම් වරයකුට රියඳුරකු සමග කැබ්රථයක් ලබා දී ඇත.
යෝගා Monday, 09 January 2023 09:04 AM
ලොකුම හොරු සෙට් එක වුර්තීය සමිති කාරයෝ. නැත්නම් තමුන්ගේම ආයතනය මේ විදියට මංකොල්ල කාලා කට වහන් ඉඳියිද..?