
(නිමල කොඩිතුවක්කු)
ජාතික ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතන තුළ ඩිජිටල් සංවර්ධන ඒකක පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ජාතික ඩිජිටල් ආර්ථික සැලැස්ම 2025-2030 සඳහා 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ආංශික ඩිජිටල් සංවර්තනය පාලනය කිරීමට සහ ජාතික ඩිජිටල් පොදු පහසුකම් මුල පිරීම සමඟ අනුකූල වීම සහතික කිරීමට හැකිවනු පිණිස රාජ්‍ය ආයතන තුළ ශක්තිමත් සහ ප්‍රමිතිගත ආයතනික යාන්ත්‍රණයක් පිහිටු වීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, ඩිජිටල් සංවර්තනය නිසි අයුරින් මෙහෙයවීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහාම වෙන් වූ ඒකකයක් ලෙස සියලුම රජයේ ආයතනයන් තුළ ' ඩිජිටල් සංවර්තන ඒකකය ' නමින් ඒකකයක් පිහිටු වීමට යෝජනා කරනු ලැබ ඇත. එම ඒකක පිහිටුවීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ව්‍යුහය ඇතුළත් ඩිජිටල් සංවර්තන ඒකක යොමු රාමුවක් (Reference Framework) GovTech ශ්‍රී ලංකා ( පුද්ගලික) සමාගම විසින් සකස් කරනු ලැබ තිබේ. එකී රාමුවට අනුව ආයතන ප්‍රධානියාට සෘජුවම වාර්තා කරන ප්‍රධාන ඩිජිටල් නිලධාරියෙකු (Chief Digital Officer) ඩිජිටල් සංවර්තන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කිරීමට සැලසුම් කරනු ලැබ ඇත.
එමෙන්ම, එම ඒකකය මඟින් ව්‍යවසාය නිර්මාණ ශිල්පය, දත්ත සහ කෘත්‍රිම බුද්ධි සහාය, සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ, අන්තර් ක්‍රියාකාරිත්ව සහාය සහ උපදේශන කාර්යයන් සඳහා විශේෂඥ දැනුම GovTech ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගම වෙතින් රාජ්‍ය ආයතන වලට ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. ඒ අනුව, රාජ්‍ය ආයතන තුළ ඩිජිටල් සංවර්තන ඒකක පිහිටු වීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd