(අංජුල මහික වීරරත්න)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු - නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026  සඳහා සහභාගී වී සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සැසිවාරය අතරතුර, ඉන්දීය සෞඛ්‍ය සහ පවුල් සුබසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා මහතා මහතා සමග අද (08) සාකච්ඡාවක නිරත විය.

ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී  (Dili, Timor-Leste) දී පැවැති මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් සෑම දුෂ්කර අවස්ථාවකදීම ඉන්දීය රජය ලබා දුන් සහයෝගය සහ මිත්‍රත්වය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රි ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කරන ලදි.

මෙම සාකච්ඡාවේ දී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගෙන යන සැලසුම් සහගත වැඩපිළිවෙළට අදාළව, විශේෂයෙන්ම ක්ෂය රෝග මර්දන කටයුතු (TB Control) වඩාත් සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික මෙන්ම අනෙකුත් සහයෝගය අඛණ්ඩව ලබාදීමට ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟතාවය පළ කිරීම ද විශේෂත්වකි.

මීට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කිරීම සහ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදූ කරන ලදී.

ග්‍රාමීය මට්ටමින් ජනතාවට ලබා දෙන සෞඛ්‍ය පහසුකම් වඩාත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය සහයෝගීතාව වර්ධනය කරගැනීමටත්, ඒ සම්බන්ධයෙන් දෙරටේ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු කෙරිණි.