චීනයේ මහා රිය අනතුරක් 17ක් මරුට චීනයේ අද අලුයම සිදු වූ දරුණු රිය අනතුරක් හේතුවෙන් 17ක් මියගොස් තවත් 22ක් තුවාල ලබා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කර ඇත. 08 January 2023
ව්‍යාජ දළදා මාලිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කරයි මේ දිනවල ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන පොතුහැර වදාකඩ ඉදිකර ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අකෘතිය හා සමාන ගොඩනැගිල්ලට අයත් පත්තිරිප්පුව සහිත කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට එම ස්ථානයේ හිමිකරු වන ජානක චන්ද්‍ර සේනාධිපති මහතා පියවර ගෙන ඇත. 08 January 2023
චීන ඉන්ධන හෙට සිට ගොවීන්ට නොමිලේ දෙයි චීන රජය මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක් හෙට (09) සිට අස්වනු නෙලීම සඳහා ගොවි ජනතාවට නොමිලයේ බෙදා හැරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 08 January 2023
ලබන මස ලොව හොඳම රට ශ්‍රී ලංකාව විශාල මුදලක් වැය නොකර පෙබරවාරි මස නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත. 08 January 2023
රබර් අපනයන ආදායම ඉහළට 2021 වසරට සාපේක්ෂව පසුගිය 2022 වසරේ දී රබර් ආශ්රිත අපනයන තුළින් ලද ආදායම සියයට 39 කින් ඉහළ ගොස් ඇති බවත්, රබර් අමුද්‍රව්‍ය ආනයන ප්‍රමාණය සියයට 93 කින් පමණ පහල ගොස් ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 08 January 2023
ඕමානයේ රඳවා සිටි ගෘහ සේවිකාවන් හත් දෙනකු මෙරටට ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිතව පවත්වා ගෙන යනු ලබන ’’ සුරක්ෂා ’’ (Safe House ) නිවසෙහි රදවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 07 දෙනකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ ළඟ විය. 08 January 2023
අද වහින තැන් මෙන්න උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (8) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 January 2023
බිලට විරෝධය පා අද පැය භාගයක් රට කළුවරේ තියයි විදුලිය ගාස්තු ඉහළ දැමීමට එරෙහිව අද (8) පස්වරු 6.30 සිට රාත්‍රී 7 දක්වා රටපුරා සියලු විදුලි පහන් නිවා දමා නිහඬ විරෝධතාවක් පළකරන ලෙස ඕමල්පේ සෝභිත නාහිමියෝ ජනතාවගෙන් ඉල්ලීමක් කරති. 08 January 2023
මිරිහාන ජේස්වෙල් හන්දියේදී පී.සි - සාජන්ට වෙඩි තියන්න හදලා මිරිහාන පොලිස් වසමේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයෙකුට ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළේ යැයි කියන සැරයන්වරයකු සහ ඔහු සමග රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 January 2023
ඇමති මර්වින් ව්‍යාජ දළදා මාලිගාව බලන්න යයි මේ දිනවල දැඩි විවේචනයට ලක්ව තිබෙන පොතුහැර වදාකඩ ව්‍යාජ දළදා මාලිගය නැරඹීමට අද (7) පැමිණි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා එම ස්ථානය පවත්වාගෙන යන ජානක සේනාධිපති නමැති අය විසින් කරගෙන යනු ලබන කටයුතු ඇගැයීමකට ලක් කළේය. 08 January 2023
මෝදි වීඩියෝ තාක්ෂණයෙන් රටවල් 120 එකතැනකට ගෙනෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංකල්පයකට අනුව ප්‍රථම වතාවට ’’වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්’’ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම මස 12 සහ 13 පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 07 January 2023
ළමා රෝහලට බිත්තර නොමිලේ කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට බිත්තර නොමිලේ ලබාදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. 07 January 2023
ගැබිනි මවුවරුන්ට 45,000ක ආහාර දීමනාවක් ගර්භනී මවුවරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් මේ වසරේදී ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. 07 January 2023
උසස් පෙළ උපකාරක පන්ති 17 සිට තහනම් උසස් පෙළ පෙළ විභාගයට අදාල උපකාරක පන්ති, සම්මන්ත්රණ සහ වැඩමුළු මෙම මස 17 වැනිදා සිට තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 07 January 2023
පීලි පැන්න දුම්රිය තවත් දුම්රියක ගැටේ සති අන්තයේ කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය ධාවන කටයුතු අවසන් කර මහනුවර අංගනය වෙත ඇතුලත් කිරීමේ දී අද (7) පෙරවරුවේ පීලී පැනීමකට ලක්විය. 07 January 2023
අයාලේ යන සමාජ මාධ්‍ය පාලනය කළ යුතුයි අන්තනෝමතිකව කටයුතු කරන, අයාලේ යන සමාජ මාධ්‍ය පාලනය කළ යුතු යැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ. 07 January 2023
කතානායක ධුරය කෙවින් මැකාතිට ඇමෙරිකානු කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රි මණ්ඩල කතානායකයා ලෙස රිපබ්ලිකන් කොංග්‍රස්සභික කෙවින් මැකාතී තෝරා පත් කර ගැණුනි. 07 January 2023
තලේබාන් පාලකයෝ හැරී කුමරුන්ට දොස් කියති බ්‍රිතාන්‍ය හමුදා සේවයට බැඳී, ඇෆ්ගනිස්තානයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා නියමුවකු ලෙස සේවය කරද්දී, තමන් පහර දී ඇෆ්ගන් තලේබාන් ත්රස්තවාදීන් 25 දෙනකු ඝාතනය කළ බව හැරී කුමරු පවසා තිබේ. 07 January 2023
හය හැවිරිදි සිසුවා ගුරුතුමියට වෙඩි තියලා ඇමෙරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ නිව්පෝට් නගරයේ පාසලකත 6 හැවිරිදි සිසුවකු තම ගුරුවරියට වෙඩි තබා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 07 January 2023
ඖෂධ ගනිද්දී කෝටි 56 ක් පිනට දීලා වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රමාදයක් හේතුවෙන් ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් 98 ක් දේශීය වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට සිදුවීම නිසා රුපියල් කෝටි 56 ක අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 07 January 2023
රාජ්‍ය ඇමතිවරු හතරක් මාදිවෙලට සමුදෙති කොළඹින් නිල නිවාස ලබාගත් රාජ්‍ය අමාත්‍යවරුන් සිවුදෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස පසුගිය සතියේදී බාරදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. 07 January 2023
බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවයි මෙරටට බිත්තර ආනයනය කිරීම සඳහා රාජ්‍ය වානිජ නීති විවිධ නීතිගත සංස්ථාව ලබන සදුදා (8) ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භ කරන බවත් එම ආයතනය හරහා බිත්තර ආනයනය කිරිමේ සියලුම කටයුතු ක්‍රියාත්මක වන බවත් වෙළඳ අමාත්‍යාංශය උසස් නිලධාරියකු පැවැසීය. 07 January 2023
මන්ත්‍රීවරුන්ගේ ’’නොමිලේ ගෙවල්’’ ජුලිවලින් ඉවරයි. අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් නිවාස ඇතුලු දේපළ අහිමිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බත්තරමුල්ල වියත්පුර නිවාස යෝජනා ක්රමයේ නිවාසවල නොමිලේ රැඳී සිටිය හැක්කේ ලබන ජූලි මාසය තෙක් පමණක් බව බලධාරීන් ඔවුන්ට දැනුම්දී ඇත. 07 January 2023
පළාත් කීපයකට විටින් විට උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (7) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 January 2023
හමුදා කෝප්රල් ට්‍රැක්ටර් ඒන්ජිමට විදලා ට්‍රැක්ටර් රථයක එන්ජින් කොටසක් සොරාගත් බව කියන යුදහමුදා කෝප්‍රල්වරයෙක් ලග්ගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 07 January 2023
කිරි කැටියක මරා වැසිකිලියේ සඟවලා උපන් හැටියේම බිළිඳිය ඝාතනය කර සිරුර මල්ලක දමා නිවසේ පිහිටි වැසිකිළි වළතුළට දමා සැඟ වූ බව කියන 23 හැවිරිදි මවක් තෙරිපැහැ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය 07 January 2023
නාමයෝජනා නීති කැඩුනොත් කොමිසමට අතින් ගෙවන්න වෙයි පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමේදී නිසි නීතිමය ක්‍රමවේද මැතිවරණ කොමිසම අනුගමනය කර නැතිනම් මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් තැන්පත් කරන ලද ඇප මුදල් කොමිසමේ සාමාජිකයන්ට පෞද්ගලික මුදලින් ගෙවීමට සිදුවනු ඇතැයි නීති විශාරදයින් පිරිසක් ආණ්ඩුව දැනුම්වත් කර තිබේ. 07 January 2023
මත්ද්‍රව්‍ය මඩින්න අධි බල ලේකම් කාර්යාලයක් මෙරට මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පූර්ණ බලතල සහිත ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා වෙත උපදෙස් ලබාදී ඇත. 07 January 2023
නීතිඥ කාර්යාලයට කුලියට ගිනි තියලා කුරුණෑගල නගරයේ පිහිටි නීතිඥවරියකගේ කාර්යාලයට ගිනි තබා එහි ඇති ලිපි ලේඛන විනාශ කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ බව කියන මාවතගම ප්‍රදේශයේ පදිංචි ධනවත් මැණික් ව්‍යාපාරිකයෙක් කුරුණෑගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 06 January 2023
දැන් මැතිවරණයක් තිබ්බොත් ලෝක වාර්තාවක් වෙනවා පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේදී පැවැත්වුවහොත් එය ලෝක වාර්තාවක් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 06 January 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026