(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
උපන් හැටියේම බිළිඳිය ඝාතනය කර සිරුර මල්ලක දමා නිවසේ පිහිටි වැසිකිළි වළතුළට දමා සැඟ වූ බව කියන 23 හැවිරිදි මවක් තෙරිපැහැ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය
සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ වෑකුඹුර ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.
උදරයේ තදබල වේදනාවක් ඇති බව කියමින් මෙම කාන්තාව තෙරිපැහැ රජයේ රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රතිකාරලබමින් සිට ඇතැයි තෙරිපැහැ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව රෝහලෙන් පලා යෑම ගැන වෛද්‍යවරයාට ඇති වූ සැකයක් මත මේ බව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දැනුම් දී ඇය ගැන සොයා බැලීමක් කරන ලෙස පවසා ඇතැයි පොලීසිය පවසයි.
පවුල් සෞඛ්‍ය නිලධාරිනිය ඇගේ නිවසට ගොස් කරලද සොයා බැලීමේදී මල්ලක් තුළට දමා වැසිකිලි වල සඟවා තිබූ බිළිදියකගේ මළසිරුර දැක්ක ඒ බව රෝහල් වෛද්‍යවරයාට සහ පොලිසියට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි ,ජරා කමට කරගත්තට අහිංසක කිරි පැටව් ද පලි.මුන් වගේ එවුන් නිසා තමයි අද මේ රටට හෙන ගැහිලා තියෙන්නේ .කාලකන්නි නීතියක්