
ඇමෙරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ නිව්පෝට් නගරයේ පාසලකත 6 හැවිරිදි සිසුවකු තම ගුරුවරියට වෙඩි තබා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
33 හැවිරිදි එම ගුරුවරිය, බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ. වෙඩි තැබීම සිදුවී ඇත්තේ රික්නෙක් පාසලේ යැයි ද පැවැසෙයි.
සිසුවා වෙඩි තැබීම කර ඇත්තේ පිස්තෝලයකින් බවත්, ඔහු වහා පොලිස් අත්අඩංගුවට ගත් බවත් නිව්පෝට් පොලිස්පති ස්ටීව් ඩෲ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩිතැබීම් සහ සමූහ ඝාතන නිතර සිදුවන ඇමරිකාව අති භයානක රටකි. හෙට ඔබ හෝ ඔබේ දරුවා විය හැකියි.
අවුරුදු 6ක දරුවෙකුට නඩුදාන්න සමස්ත උසාවියක් තාම ලෝකයේ කිසිම රටක නැහැ...!!!
ඔන්න බටහිරට ආවඩන පිරිස බලාගන්න එහේ දියුණුව. මෙහෙවගේ නෙමෙයි එහේ කිය කියා කියන කට්ටිය දැනගන්න දියුණුව කියන්නේ බිල්ඩින් නෙමෙයි, මුදලම නෙමෙයි. සදාචාරය, මනුස්සකම, හැදියාව එක්ක තමයි දියුණුව යන්න ඕනේ. ගණිකාවෝ, ගංජා නීතිගත කරන්න කියපු කට්ටියකුත් හිටියනේ මුදලගැනම හිතලා. ඕවගේ ප්‍රතිඵල එන්නේ මේ විදියට පසු කාලෙක.
මිලානොට ඇමරිකානු වීසා රිජෙක්ට් වුනා නේද අමන විදිහට කෑගහන්නෙ...
ඇමෙරිකාව පැත්තට හැරිලා සාදු කියන්න. වහල් මානසිකත්වයක් තියෙන අය.