පලස්තීනයට අයත් ගාසා තීරයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී,

විශේෂ සාම සැලසුමක් ප්‍රකාශයට පත් කර තිබියදී, ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන වැසියෝ 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඊශ්‍රායල හමුදාව එම ගුවන් ප්‍රහාර එල්ල වූයේ ගාසා තීරයේ අල්-සුසි මහල් නිවාස සංකීර්ණයකට සහ මධ්‍යම ගාසා තීරයේ ඩෙයිර් අල්-බලා පළාතේ නිවාස සංකීර්ණයකටය.

එම ප්‍රහාරයෙන් එකම පවුලේ සාමාජිකයන් කීප දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. මියගිය අය අතරේ ගැබිනියක සහ පස් හැවිරිදි දරුවෙක් ද සිටින බව පැවැසෙයි.

මීට අමතරව, ගාසා නගරයේ, රෙමාල් ප්‍රදේශයේ අවතැන්වූවන් රැඳී සිටි කූඩාරමකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වුණු අතර එයින් කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.