
දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු වැඩිම උණුසුම යැයි කාලගුණ විද්‍යාඥයෝ පැවැසූහ.
යැංග්සැන්ග් නුවර පමණක් නොව, එරට ප්‍රධාන නගර බොහොමයක උෂ්ණත්වය ඊයේ (3) වනවිට සෙල්සියස් අංශක 40 සීමාව පසු කළ බව ද පැවැසෙයි. අධික උණුසුම, සෞඛ්‍ය ගැටලුවලට හේතුවක් විය හැකි යැයි වෛද්‍යවරු අනතුරු අඟවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd