හැටන් ප්‍රදේශයට (03) දින අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ  ඇල මාර්ගයක් පිටාර ගැලීමෙන් නිවාස රැසක් ජලයෙන් යට වී ඇත.

ජලය ගලා බසිනා කාණු පද්ධතිය සිර වීම නිසා අවට පදිංචිකරුවන් විසින් එම කාණු පද්ධතිය පවතින වර්ෂාවද නොතකා පිලිසකර කිරිමට පියවර ගත්හ.