
පාකිස්තානයේ ස්වාත් නිම්නයේ පොලිස් ස්ථානයක් ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 22 කි.
බෝම්බය පුපුරා ගියේ ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සාමකාමී විරෝධතාවක් පවත්වද්දීය.
මරාගෙන මැරෙන බෝම්බකරු බෝම්බය පුපුරුවා ගත්තේ ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි කයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයේ කබල් නමැති නගරයේ පිහිටි පොලිස් ස්ථානයට ආසන්නයේය.
පොලිස් නිලධාරීන් බෝම්බකරු ගැන සැක සිතා සෝදිසි කිරීමට යෑමේ දී ඔහු බෝම්බය පුපුරුවා ගත් බව පොලිසිය පවසයි. ප්‍රහාරයට හසුවීමෙන් තුවාල ලැබූ විසි දෙදෙනාගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ තවත් ඉහළ යෑමට ඉඩ ඇති බවත් පැවැසෙයි.
මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් භාරගෙන නොමැත.
ස්වාත් නිම්නය යනු 2009 වසර වෙද්දී ලද තහ්රීක්-ඊ-තලෙබාන් පාකිස්තාන් නමැති ත්‍රස්ත සංවිධානයේ බලකොටුව විය. කෙසේ නමුත් පාකිස්තාන හමුසදාව එය ඔවුන්ගේ පාලනය යටතට ගැනීමට සමත් විය. කෙසේ නමුත් මේ වනවිට ස්වාත් නිම්නය කේන්ද්‍රකොට ගනිමින් නැවතත් ප්‍රචණ්ඩකාරී ප්‍රහාර ඉහළ යමින් පවතී. ප්‍රදේශයේ ජනතාව සාමකාමී ලෙස විරෝධතාව පැවැත්වූයේ එම ප්‍රචණ්ඩ ක්‍රියා හෙලා දකිමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd