(සුජිත් හේවාජුලිගේ )

කොළඹින් නිල නිවාස ලබාගත් රාජ්‍ය අමාත්‍යවරුන් සිවුදෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස පසුගිය  සතියේදී බාරදී ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

එම පිරිස නිල නිවාස මෙසේ බාරදී ඇත්තේ  පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයෙන් කළ දැනුම්දීමක් අනුවය.

රාජ්‍ය  අමාත්‍යවරුන් තවත් කිහිපදෙනෙකු  මන්ත්‍රී නිවාස බාරදෙන බව දැනුම්දී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.